රාගම රෝහලෙන් කාන්තා මලසිරුරක් අතුරුදහන් වෙයි.
රාගම රෝහලේ මිනියක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. මෙසේ අතුරුදන් වී ඇත්තේ රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය බවට වෛද්‍ය අංශ විසින් තහවුරු කළ අලගේෂන් ශිවගාමි නැමැති 71 හැවිරිදි කාන්තාවකගේ සිරුරකි.
ශිවගාමී නැමැති මේ 71 හැවිරිදි කාන්තාව පදිංචි වී සිට ඇත්තේ වත්තල හුණුපිටිය රාහුල මාවතේය.
අසනීප තත්වයක් නිසා පසුගිය 12 වැනිදා ඇයගේ පුතා විසින් ඇය රාගම රෝහලට ඇතුළත් කර තිබේ. ඇය ඇතුළත් කර ඇත්තේ වාට්ටු අංක 30ටය.
පසුදා (13) මෙම කාන්තාවගේ පුතා ඇයව බලන්නට රෝහලට පැමිණි විට රෝහල් බලධාරීන් දැනුම් දී ඇත්තේ මෙම කාන්තාව මියගොස් ඇති බවය.
ඒ අනුව මෙම පුද්ගලයා සිය මවගේ මිනිය හඳුනා ගැනීම සඳහා රෝහල් මෘත ශරීරාගාරය වෙත ගොස් තිබේ.
එහෙත් ඒ මෘත ශරීර අතර ඔහුගේ මවගේ සිරුර තිබී නැත. රෝහල් බළධාරීන් මිය ගිය බව කියන කාන්තාවගේ දේහය මෘත ශරීරාගාරයේ නැත.
සිය මවගේ දේහය අතුරුදන් වීම පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිල්ලක් යොමු කිරීමට ඔහු කටයුතු කර තිබේ. මළ සිරුරට සිදු වූ දෙයක් ගැන සොයාගත නොහැකිව රෝහල් පොලිසිය ඇතුළු බලධාරීන් මේ සිද්ධියෙන් වික්ෂිප්තව සිටින බව වාර්තා වේ.
රාගම රෝහලෙන් කාන්තා මලසිරුරක් අතුරුදහන් වෙයි.
2021-08-15T10:05:00+05:30
Gossip Lanka Hot News






