gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අසේල ගුණවර්ධන ඉවතට.. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්කමට දෙන්නෙක් තරගයක..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේ දැනට සිටින විශේෂඥ්‍ය වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙනත් තනතුරක් ලබා දී එම ධුරයට වෙනත් අයකු පත් කිරීමට රජය සූදානම් වෙමින් ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

එම ධූරය සඳහා ප්‍රධාන පෙලේ වෛද්‍යවරුන් දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව ද සඳහන්ය.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂක වරයෙක් සහ සෞඛ්‍ය විෂයට සම්බන්ධ අමාත්‍යංශයක ලේකම් ධුරයක් දැරූ වෛද්‍යවරු මේ සඳහා යෝජනා වී ඇත.

ඔවුන්ගේ නම් යෝජනා කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ම බව ද සඳහන්ය.

කෙසේ වෙතත් නව තනතුරට පත් කරන්නේ කවුරුන්දැයි රජයේ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි අදාළ වාර්තාවේ තවදුරටත් එක්වෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka