සංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැති
මෙරටට බලපා තිබෙන කොරෝනා ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමාවන් ඉක්මවා ගිය තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. පවතින වසංගත තත්වය පිලිබද අදහස් පල කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දිනයේ පැවැත්වෙන කොරෝනා මර්දන කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවතින වයිරස් ව්‍යාප්ති තත්ත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී සිදුකර තිබේ.
සංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැති
2021-08-13T06:27:00+05:30
Gossip Lanka Hot News






