කොවිඩ් වෛසරය දැඩි ලෙස පැතිරී යන මේ අවස්ථාවේ දී ජන ජීවිත සුරක්ෂිත කිරීම සඳහා විශේෂඥ සෞඛ්‍ය උපදෙස් හා නිර්දේශ පිළිපැද සතියකට හෝ රට වසා දමන ලෙස මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිති.
කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අද වනවිට සමස්ථ රටවාසීන් මහත් ව්‍යසනයකට මුහුණපා සිටින බවත්, මරණ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යමින් ඇති බවත් පෙන්වා දෙන උන්වහන්සේලා තවත් විකෘති කොවිඩ් ප්‍රභේද මතුවිය හැකි අයුරු සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති බවට ජනපතිගේ අවධානය යොමු කරති.
ඉදිරි මාස කීපය තුළ ලංකාව තුළ ඇතිවිය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදය ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී ඇති බව කියන උන්වහන්සේ මේ අවස්ථාවේ දී සතියකට වත් රට වසා දමා සෞඛ්‍ය අංශවලට මෙම වසංගතය පාලනය කරගැනීමට උපකාර කරන ලෙස දන්වා සිටිති.
එම නිවේදනය පහත දැක්වේ.
