කොරෝනා සුව වූ දරුවන්ට හැදෙන භයානක ලෙඩක් ගැන විශේෂඥ වෛද්‍යවරයකු රටටම අනතුරු අඟවයි!
කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ දරුවන් සම්බන්ධයෙන් Silent hypoxia නමැති ඉතා බරපතළ තත්ත්වයක් මතුවී තිබෙන බව අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය.
විශේෂඥ වෛද්‍යවරයා මෙම රෝගී තත්ත්වය හඳුන්වනු ලැබුවේ නිහඬ මාරයෙකු ලෙසය.
කොරෝනා රෝගී තත්ත්වයෙන් සුව අතට පත්වූ දරුවෙකු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේදී හෝ සෙල්ලම් කිරීමේදී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම එම රෝගී තත්ත්වය බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමේදී හුස්ම ගැනීමේ අපහසුව, කතා කිරීමේ අපහසුව ආදිය පෙන්නුම් කළ ද මෙම රෝගී තත්ත්වයේදී එලෙස පූර්ව ලක්ෂණ මතු නොවීමට විශේෂත්වයකි.
ඒ හේතුවෙන් කොරෝනා ආසාදනය වී තිබෙන දරුවන්ගේ දවසකට වරක් හෝ ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලිය යුතු වන අතර සෙල්ලම් කිරීමෙන් පසු ඔක්සිජන් ප්‍රතිශතය 94%ට වඩා අඩුනම් සහ සාමාන්‍ය පරිදි සිටින විට 96%ට වඩා අඩුනම් වහාම එම දරුවා රෝහල් ගත කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
කොරෝනා සුව වූ දරුවන්ට හැදෙන භයානක ලෙඩක් ගැන විශේෂඥ වෛද්‍යවරයකු රටටම අනතුරු අඟවයි!
2021-08-24T19:30:00+05:30
Gossip Lanka Hot News






