ගුරු විදුහල්පතිවරු ඊළඟ තුරුම්පුවත් අදී! 4 වැනිදා සිට නුවර ඉඳන් කොළඹට දැවැන්ත පාගමනක්!
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුව විසින් එලැඹෙන 04 වන දින මහනුවර සිට කොළඹ දක්වා දැවැන්ත පාගමනක් පැවැත්වීමට සූදානම් කර ඇති බව එම එකමුතුව පවසයි.
එම සංගමය පවසන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අද (02) දිනයේ අමාත්‍ය මණ්ඩල තීරණවලින් පිළිගත හැකි පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් මෙම දැවැන්ත පාගමනක් පැවැත්වීමට තීර්ණය කළ බවයි.
ඒ අනුව අගෝස්තු 04 වන දින පෙරවරු 10.00 ට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වන පාගමන ගමනාන්ත කිහිපයක් ඔස්සේ අගොස්තු මස 09 වන දින කොළඹට පැමිණීමට නියමිතයි.
ගුරු විදුහල්පතිවරු ඊළඟ තුරුම්පුවත් අදී! 4 වැනිදා සිට නුවර ඉඳන් කොළඹට දැවැන්ත පාගමනක්!
2021-08-03T21:41:00+05:30
Gossip Lanka Hot News






