Showing posts with label Namal Rajapaksa. Show all posts
Showing posts with label Namal Rajapaksa. Show all posts
නාමල්ව උසාවි ගෙනාවත් නඩුවට නීතිපති උපදෙස් තාමත් නෑ! - නාමල්ව හරවා යවයි - අවුරුදු 8ක් නීතිපති උපදෙස් නෑ!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීම තුළින් 'මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත' යටතේ වරදක් සිදු කළ බවට චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසට එරෙහි නඩුකරයේ ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයාගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) අද (29) අධිකරණයට දැනුම් දුන්නේය.
මා සිරගත කර දින 50යි... ජනතාව වෙනුවෙන් දින 500ක් වුනන් ඉන්නවා - නාමල්
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි.
****
මා සිරගත වී දින 50කි...
සිර ගෙදර බිත්ති මා වටා ඇතත්, එම බිත්ති වලට මෙපිටින් ජනතා පවුරක් ඇති බව මම දනිමි. මා සිර ගත කර තැබීමට උත්සහ කිරීම යම් පිරිසකගේ පීඩනය හඳුනා ගැනීමට හැකි නිදසුනකි.












