gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අයවැය කියවද්දී ජනපතිගේ ‘පච’ ගණන් කරන්න නාමල් ලෑස්ති වෙයි

“ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම, ගෑස් පෝලිමට ටින් පෝලිමත් එකතු වෙලා අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න” යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ දින පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේ සඳහන් කළේය.

“විශේෂයෙන්ම මේ අස්වැසුම තෙල්වලට යම් සහනයක් දීම පිළිබඳව මම හිතන්නේ කාගේවත් නොසතුටක් නෑ. හැබැයි ඉතින් එදා පටන් ගන්නකොට කිව්වේ බාන මිලට නැත්නම් නැවෙන් බාන ගාණට තෙල් දෙනවා කියලා. හැබැයි දැන් ඉතින් ඇමතිවරයා කියනවා ඒක ප්‍රායෝගික නෑලු. එතකොට ඕක ප්‍රායෝගික නෑ කියලා ගරු සභාපතිතුමා, අපිට කියලා වැඩක් නෑනේ. ජනාධිපතිතුමාට නේද ඔය කියන්නේ. මොකද ඔයාලගේ ජනාධිපතිතුමානේ ගිහිල්ලා පොරොන්දු වුණේ බාන ගාණට, නැවෙන් බාන ගාණට තෙල් දෙනවා කියලා. ඒක මේ අපි කියපු කතාවක් නෙමෙයිනේ. හැබැයි දැන් ඉතින් ඕක ජනාධිපතිවරයාට කියන්නේ නැතුව අපිට ඇවිල්ලා කියලා ඒක ප්‍රායෝගික නෑ.

ඉතින් ඒ හින්දා මේ අපිට කියලා පළක් වෙන්නේ නෑ. ඔයාලගේ ජනාධිපතිතුමාට ඒක කියාගන්න. අනික ඔය ජනාධිපතිවරයාට රැස්වීම්වලට යනකොට කියන්න ඕන දේවල් අරගෙන ගිහිල්ලා ලියලා දෙන්න. දැන් පහුගිය කාලේ ගිහිල්ලා කිව්වා එතුමාගේ කාල සීමාවේ කිසිම බද්දක් වැඩි කරේ නෑ කිව්වා. කිසිම බදු ප්‍රමාණයක් අලුතෙන් ගැහුවේ නෑ කිව්වා. ආ බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, බෙහෙත්වලට, අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. හැබැයි අයින් කරේ නෑ, වැට් එක වැඩි කරා. කලින් වැට් ගාණ තිබිච්ච නැති තැනට වැට් එක දැම්මා. අර අහිංසක මිනිස්සුන්ගේ ගිණුම්වලට, පොලියට, බිත්තිවලින් වැට් එක දැම්මා. වාහනවල බදු වැඩි කරා. තව IT sector එකේ උපදෙස් දෙන සේවා, උපදේශක සේවා, කන්සල්ටන්සිවලට බදු ගැහුවා.

…… ආර්ථිකය හසුරවනවා කියන කාරණය ඔබතුමන්ලාට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කයිවාරු ගහලා අමු පච කියන එක කරන්න බෑ. ඒ හින්දා ඒක සැලැස්මක් එක්ක වැඩ කරන්න. දැන් අපි බලන් ඉන්නවා තුන්වැනි අයවැයේදි ජනාධිපතිතුමා පච කීයක් කියනවද කියලා ගණන් කරන්න.”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka