gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ට්‍රම්ප්ට බලය අහිමි වෙයි

ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල අනුව, එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) බහුතරය දිනා ගැනීමට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය.  ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ සිවු වසරක ධුර කාලය මැද, මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙයි.ඒ, කොංග්‍රසය නියෝජිතයන් තෝරා ගැනීමටය.

ජනාධිපති ධුරයට මෙහිදී අභියෝගයක් එල්ල නොවුණත්, කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) බලය අහිමි වීම යනු ජනතා මනාපය ජනාධිපතිවරයාට අඩු වීමකි.

ඇමෙරිකා දේශපාලනයේ ප්‍රධාන පක්ෂ වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂයයි. ට්‍රම්ප් නායකත්වය දෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටය. ඇමෙරිකන් කොංග්‍රසය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් සභාවකින් සමන්විතය. මෙතෙක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මෙන්ම සෙනෙට් මණ්ඩලයේ ද බලයේ පැවැතියේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.

කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 කි. බහුතරය සඳහා ආසන 218 ක් අවශ්‍ය විය. ඩිමොක්‍රටික් පක්ෂය ආසන 220 ක් දිනා ගත්තේය. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් දිනා ගැනීමට හැකි වූයේ ආසන 126 ක් පමණි.

සෙනෙට් සභාව ආසන 100 කින් සමන්විතය. මැතිවරණ ප්‍රතිඵල අනුව, ඩිමොක්‍රටික් පක්ෂය ආසන 53 ක් දිනා ගත් අතර, රිපබ්ලිකන් පක්ෂයට හිමිවූයේ ආසන 42 ක් පමණි. බහුතරය සඳහා අවශ්‍ය ආසන ගණන 50 කි.

ඊට අමතරව, ඇමෙරිකාවේ ජනපද 36 ක ආණ්ඩුකාරවරුන් තෝරා ගැනීම වෙනුවෙන් ද ඡන්දය පැවැත්විණි.

ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ධුර කාල දෙකක් ධුරයේ සිටිය හැකිය. ධුර කාල දෙක සිවු වසර බැගිනි. ට්‍රම්ප් සිය පළමු ධුර කාලය සම්පූර්ණ කළේ 2017 සිට 2021 දක්වාය. 2021 ජනාධිපතිවරණයෙන් ඔහු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ජෝ බයිඩන්ට පරාජය විය.

ඉන්පසු තව ධුර කාලයක් ඉතිරිව තිබුණු බැවින් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. එයින් ඔහු විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.  ට්‍රම්ප් සිය දෙවැනි මෙන්ම අවසන් ධුරය ආරම්භ කළේ 2025 ජනවාරි 20 වැනිදාය.

මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට වැඩි වාසි හිමිවූයේ ඔවුන් ටෙක්සාස්, දකුණු කැරොලයිනා සහ කැන්සාස් යන ජනපද ජයග්‍රහණය කිරීමත් සමගය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka