gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

"විපක්ෂය විශාල කුමන්ත්‍රණයක් අටවගෙන යනවා... හැබැයි ජනතා ප්‍රතිචාරයක් නෑ!" - වාසුදේව නානායක්කාර

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩ පවත්වමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ ඉතාම ප්‍රශංසනීය බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටිනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ විපක්ෂය සිය දේශපාලන පැවැත්ම උදෙසා එල්ල කරන කිසිඳු පදනමක් නොමැති චෝදනා ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.

ජනතාව විසින් අපේක්ෂා කරන සහන ආණ්ඩුව විසින් මෙවර අයවැයෙන් ජනතාවට ලබා දෙනු ඇතැයි යන විශ්වාසය සමස්ත රටවැසියන් තුළ පවතින බව ඔහු සඳහන් කළා.

වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ රට තුළ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාකාරී විරෝධයක් නොමැති බවයි.

දක්ෂිනාංශික පක්ෂ සියල්ල එකතු වී ආණ්ඩුවට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් සිදු කරගෙන යන නමුත් එම කුමන්ත්‍රණය නිසැක වශයෙන්ම අසාර්ථක වන බව තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා
“ ආණ්ඩුව මෙවර අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වන සහන ජනතාවට ලබා දෙනවැයි කියන විශ්වාසය ජනතාව අතර තියෙනවා. දැන් ජනතාව අතර ක්‍රියාකාරී විරෝධයක් නෑ මේ ආණ්ඩුවට විරුද්ධව. මොකද මේ ආණ්ඩුව ගැන ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා.

මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සේ ආණ්ඩුව කරපු ලොකුම දේ තමයි මේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම. සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීම. රජය ගැන පැහැදීමක් තියෙනවා මේ රටේ ජනතාවට. විපක්ෂයේ අය ඉතින් හැමදාම ආණ්ඩුවට විරුද්ධ විය යුතුයිනේ. නැත්නම් විපක්ෂයට පැවැත්මක් නැහැ. දක්ෂිනාංශික පක්ෂ ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවට විරුද්ධව විශාල ඝෝෂාවක් කරමින් විශාල කුමන්ත්‍රණයක් අටවගෙන යනවා.

නමුත් ඒ කුමන්ත්‍රණය බොල් වෙලා යනවා. ජනතාවගේ ප්‍රතිචාරයක් නෑ ඒකට.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka