බන්ධනාගාරගත කළ ශිරන්ති නවලෝක රෝහලට!
රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (07) නියම කළේය.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ශිරන්ති රාජපක්ෂ අක්ෂි ප්‍රතිකාර ලබාගැනීම සඳහා අද (08) දින නවලෝක රෝහලේ මීට පෙර ප්‍රතිකාර ලබාගත් වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇත.
ඒ අනුව බන්ධනාගාර ආරක්ෂාව යටතේ අද දහවල් ශිරන්ති රාජපක්ෂ නවලෝක රෝහල වෙත රැගෙන යාමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
බන්ධනාගාරගත කළ ශිරන්ති නවලෝක රෝහලට!
2026-10-08T07:09:00+05:30
Gossip Lanka Hot News





