gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හෝමාගම පොලිස් සිරමැදිරියේ සැකකරු පහරදී මැරුවද? පහරදී මැරූ බවට ඥාතීන්ගෙන් චෝදනා!

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු රෝහල්ගත කිරීමේදී මියයාමේ ඛේදනීය සිදුවීමක් වාර්තා වේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඉෂාර හර්ෂ කුමාර නැමැති අයෙකි.

මියගිය තරුණයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදුකළ දැඩි පහරදීම් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි.

අත්අඩංගුවට පත් තරුණයාගේ ඥාතීන් පිරිසක් හෝමාගම මූලස්ථාන පොලිසියට ගිය අවස්ථාවේ අපරාධ විමර්ශන අංශයට රැගෙන ගොස් සිටි තරුණයා පොලිස් නිලධාරීන් හතර දෙනකු යළි ඔසවාගෙන පැමිණි බවත් පොලිස් නිලධාන් පහරහරදීමෙන් මෙම තරුණයා මියගොස් ඇති බවත් ඥාතීහු චෝදනා කරති.

පොලිස් සිර මැදිරියෙහි වැතිර සිටි තරුණයා ඥාතීන්ගේ ඉල්ලීම මත හෝමාගම පොලිසිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව ද ඥාතීහු පවසති.

එබැවින් මියගිය තම ඥාතියාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටු කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති

මියගිය තරුණයාගේ ඥාතීන් හෝමාගම මූලික රෝහල් භූමියේදී කලබලකාරී ලෙස හැසිරීම නිසාවෙන් අවට පොලිස් ස්ථානවල නිළධාරීන් පිරිසක් රෝහල් භූමියට කැඳවීමටද පොලිසිය කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වැටලීමක් අතරතුර හෝමාගම පොලීසිය වෙත රැගෙන ආ අදාළ සැකකරු හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇත. එමෙන්ම, සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා හෝමාගම සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka