gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සහල් යැයි කියූ කන්ටේනර් පෙට්ටියේ හිස් මෝටාර් උණ්ඩ කොපු!

සහල් අඩංගු බවට රේගුවට ලේඛන ඉදිරිපත් කර තිබූ සැකකටයුතු බහලුමක් රේගු සහ පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් පසුව එහි හිස් මෝටාර් උණ්ඩ කොපු තොගයක් සහ අබලි යකඩ, පිත්තල අඩංගු බව අනාවරණය වීමෙන් පසුව, ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන  තිබේ.

සහල් සහිත බහලුම ඉන්දියාවට අපනයනය කරන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර තිබූ අතර, බහලුම සැකකටයුතු බවට රේගුවට සහ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.

ඒ අනුව, පොලිසිය විසින් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මෙම බහලුම රේගු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් කොළඹ, ඉඟුරු කඩේ හන්දිය ප්‍රදේශයේ පිහිටි TRICO EFC පරිශ්‍රයේදී (අපනයන පහසුකම් සපයන මධ්‍යස්ථානය) ඊයේ (01 වැනිදා) පරීක්ෂා කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවැසීය.

බහාලුමේ හිස් මෝටාර් උණ්ඩ කොපු 179ක් ඇතුළු ටොන් 18ක අබලි යකඩ හා පිත්තල එහි අඩංගු බවට අනාවරණය වී ඇත. රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර එම පිත්තල සහ යකඩ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අපනයනය කිරීමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනකු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා කිරුළපන හා එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්ය. 

ඔවුන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

සැකකරුවන්ට අදාළ හිස් මෝටාර් උණ්ඩ කොපු ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදු කෙරේ.

මීට අමතරව රේගුව විසින්ද පරීක්ෂණයක් සිදුකරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka