gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නායකයන් පණ නෑ... විපක්‍ෂයේ ගාලගෝට්ටි... පුපුරන්න ආසන්නයි

විවිධ චෝදනා මුල් කරගනිමින් මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම සහ ප්‍රශ්න කිරීම් ආරම්භ වීමත් සමඟ, ඊට එරෙහිව කටයුතු කිරීමේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් සහ මන්ත්‍රීවරුන් අතර උණුසුම් මතභේදකාරී සහ ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගවලට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ඇතැම් පක්ෂ නායකයන් විසින් පැහැර හැර ඇති බවට මන්ත්‍රීවරුන් දැඩි ලෙස දෝෂාරෝපණය කිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී තිබේ.

ඇතැම් නායකයන් ආණ්ඩුව සමඟ සුහදත්වයෙන් කටයුතු කරමින් සිය පැවැත්ම පමණක් ආරක්ෂා කරගන්නා බවත්, අනතුරට ලක්වන මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවත් මන්ත්‍රීවරුන් ප්‍රබල ලෙස චෝදනා කරති.

මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ පිපිරීම් පවා හටගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර, පසුගිය දිනවල මන්ත්‍රීවරුන් පිරිසක් වෙනත් පක්ෂයක් සමඟ ඒකාබද්ධ වීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල නායකයෙකු දැඩි ලෙස කෝපයට පත්ව තිබේ.

සිය අනුදැනුමකින් තොරව එවැනි සන්ධානගත වීම් සඳහා ක්‍රියා කළේ මන්දැයි ප්‍රශ්න කරමින් එම නායකයා අදාළ මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙවන් අර්බුදකාරී මොහොතක විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත්, එසේ නොවුවහොත් ආණ්ඩුවේ මර්දනය හමුවේ කිසිවෙකුටත් නොනැසී පැවතිය නොහැකි වනු ඇති බවත් මන්ත්‍රීවරුන් පිරිසක් සිය නායකයන්ට පෙන්වා දී ඇත.

පොදු ප්‍රශ්න සහ අභියෝග හමුවේ විපක්ෂය එකට එක්ව සටන් කළ යුතු අතර, මැතිවරණවලදී තම අභිමතය පරිදි වෙන්ව තරග කළ හැකි බව එම මන්ත්‍රීවරුන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka