gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නාමල් සහ යෝෂිත කන්ටේනර් පිටකරලා... තාරුණ්‍යයට හෙටක් පෙන්නා රේගුවට දුන්න ගේම හෙළිවේ!

නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ගේ පූර්ණ බලතල සහිතව ක්‍රියාත්මක වූ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය වෙත විදේශ රටවලින් ලැබුණු ප්‍රදාන ඇතුළත් කන්ටේනර් රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටකර ගෙන ඇති බවට අලුත්ම තොරතුරු රැසක් හෙළි වී තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතා විසින් රචිත ‘රාජපක්ෂ සමාගම’ නමැති කෘතිය මගින් මෙම තොරතුරු හෙළිදරව් කර ඇත.

අරලියගහ මන්දිරයේ ලිපිනයට ලියාපදිංචි වූ සංවිධානය

සමාගම් පනත යටතේ 2007 අප්‍රේල් 04 වන දින ලියාපදිංචි කර ඇති ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ ලියාපදිංචි ලිපිනය ලෙස දක්වා ඇත්තේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයයි. නාමල් රාජපක්ෂ මහතා එහි සභාපතිවරයා ලෙසත්, යෝෂිත රාජපක්ෂ මහතා උප සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ.

සංවිධානයේ නමින් හොර රහසේ කන්ටේනර් පිට කිරීම

අදාළ කෘතියේ දක්වා ඇති පරිදි, ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය යටතේ ආරම්භ කළ Youth TV වැනි ව්‍යාපෘති සඳහා සහ විදේශීය හා දේශීය ප්‍රදානයන් සඳහා බදු සහන ලබා ගැනීමේ හැකියාව තිබියදීත්, එම සංවිධානයේ නමට පැමිණි කන්ටේනර් හොර රහසේම වරායෙන් පිට කර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් බරපතල සැකමතු වී ඇත.

මෙම රහස් කන්ටේනර් ජාවාරම සහ ඊට අදාළ සවිස්තරාත්මක තොරතුරු අඩංගු ලිපි මාලාවක් 2010 ජනවාරි 17 සහ 24 යන දිනයන්හි ‘රාවය’ පුවත්පත මගින් ද අනාවරණය කර තිබූ බව ‘රාජපක්ෂ සමාගම’ කෘතියේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka