gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවට චාමර සම්පත් අත්අඩංගුවට!

රුපියල් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අද (12) පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මීට පෙර පසුගිය 09 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දී තිබුණි. එහෙත් එදින කොමිසම හමුවේ පෙනී නොසිටි හිටපු මන්ත්‍රීවරයා අද දින අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇත්තේ පොස්පේට් අපනයනය සම්බන්ධයෙන් සිදුවූ බව කියන දැවැන්ත අක්‍රමිකතාවක් පිළිබඳ විමර්ශනයකි. අල්ලස් කොමිසමට අනුව, විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීම මීට මුල් වී තිබේ. ඊට අමතරව එම සමාගම් වෙත අදාළ අපනයන බලපත්‍ර ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

මෙම සිද්ධියට අදාළ සමස්ත ජාලය පිළිබඳව මේ වන විටත් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව, චාමර සම්පත් මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නැමැත්තා ද මෙම විමර්ශනයට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විටත් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka