gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශිරන්තිට කොළඹ ජාතික රෝහලේදී විවෘත හෘද සැත්කමක්!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වන විට විවෘත හදවත් සැත්කමකට භාජනය වෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝග කළේය.

'සිරිලිය සවිය' ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළ නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී, සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළේය.

එහිදී ඔහු කියා සිටියේ තම සේවාදායිකාව මේ වන විට කොළඹ ජාතික රෝහලේදී විවෘත හදවත් සැත්කමකට මුහුණ දෙමින් සිටින බවත්, එම තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇයට ඇප ලබා දෙන ලෙසත්ය.

එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් අල්ලස් කොමිසම නියෝජනය කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, සැකකාරිය එවැනි සැත්කමකට භාජනය වන බවට පැමිණිල්ල පාර්ශ්වයට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය සැබවින්ම මෙවැනි සැත්කමකට මුහුණ දෙමින් සිටින්නේද යන්න පිළිබඳව වහාම තහවුරු කර වාර්තා කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කරමින් නඩුව පස්වරු 2.00 දක්වා කල් තැබීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka