gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශිරන්ති සිංගප්පූරුවෙන් ආ ගමන්ම FCID කැදවයි

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන ඔක්තෝබර් 13 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඇය වෙත මෙම කැඳවීම සිදුකර ඇති අතර, කෙටි කලක් විදෙස්ගතව සිටි ඇය ඊයේ (05) රාත්‍රියේ සිංගප්පූරුවේ සිට යළි දිවයිනට පැමිණියාය.

‘සිරිලිය සවිය’ අරමුදලට අදාළ බැංකු ගිණුම් හරහා සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මීට පෙර ද ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳවා තිබිණි.

කෙසේ වෙතත්, එම දැනුම්දීමෙන් පසු ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූ අතර, අදාළ ප්‍රකාශය ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඇයගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර තිබුණි.

මේ අතර, දිවයිනට පැමිණීමේදී ගුවන්තොටුපොළේදීම තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පවසමින්, ඕනෑම කොන්දේසියක් මත ඇප මුදාහරින ලෙස ඉල්ලා ඇය විසින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ද මෑතකදී ගොනු කරනු ලැබීය.

එවන් පසුබිමක යළි මෙරටට පැමිණි හිටපු ජනාධිපති ආර්යාවට, අදාළ මූල්‍ය විමර්ශනය සඳහා ලබන 13 වැනිදා පෙනී සිටින ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙලෙස නිල වශයෙන් දැනුම් දී ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka