පාර්ලිමේන්තුවේ නොනිල විපක්ෂ නායක, කටකාර දඟකාර මන්ත්‍රී චාමර සම්පත් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්... (Video)
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පුද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81 ක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පාර්ලිමේන්තුවේ නොනිල විපක්ෂ නායක, කටකාර දඟකාර මන්ත්‍රී චාමර සම්පත් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්... (Video)
2026-10-12T21:23:00+05:30
Gossip Lanka Hot News





