සිවුරට අපහාස කරන ආණ්ඩුවේ සිවුරේ හැංගිලා පණ බේරගත් හීරළු මැති ඇමතිලා පනහක් ඉන්නවා…! – උලපනේ සුමංගල හිමි… (Video0
සිවුරට මුවා වී විවිධ අකටයුතු කළ 50කට අධික පිරිසක් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සිටින බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සහ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි පවසයි.
“සිවුරට මුවා වෙලා ඉතිහාසයේ ගේම් ගහපු වැඩිම පිරිසක් එකම තැනක ඉන්නවා නම් ඒ ඉන්නේ ජාතික ජන බලවේගයේ 159ක් වන පාර්ලිමේන්තු කණ්ඩායමේ. වගකීමෙන් කියන්නේ සිවුරු දාගෙන සිවුරු හළ පනහකට වැඩියි.
අද දවසේ මාර්ග අනතුරක් කරලා අත්අඩංගුවට පත්වුණ චන්දන සූරියආරච්චිගේ පැවිදි නම නාකියාදෙණියේ උදිත. 1993-94 කාලයේ කැලණිය විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු. බුද්ධ ශාසන නි. ඇමති ගමගෙදර දිසානායක සිවුරු ඇරපු කෙනෙක්.
88-89 කාලේ පන්සලේ බුදු ගේ ඇතුළේ මල් ආසනේ යට ටී 56 ගහලා සිවුර පොරව ගෙන ජීවිතේ බේරගත්තේ. ජවිපෙ නියෝජනය කරන කිසිවෙක් උපන් ගමෙන් ඡන්දේ ඉල්ලලා නෑ. 88-89 කාලේ මෙයාලගේ බංකරේ සිවුරම විතරයි.
කී දෙනෙක් සිවුර පොරවං විදේශගත වුණාද. ඒක නෙමෙයිද සිවුරට කළ නිග්‍රහය. අපි මේ නම් ලිස්ට් එක ප්‍රකාශයට පත් කරනවා. සිවුර දාගෙන වරප්‍රසාද භුක්ති විඳලා දැන් මන්ත්‍රීලා වෙලා සිවුරෙන් ගේම් ගහනවා කියලා චෝදනා කළාට ඥානසාර හාමුදුරුවෝ ටී 56 ඒවා අරන් ගිහින් අහුවෙලා නෑ.”
එහිමියන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) දේශපාලන සාකච්ඡාවකට එකතු වෙමිනි.
සිවුරට අපහාස කරන ආණ්ඩුවේ සිවුරේ හැංගිලා පණ බේරගත් හීරළු මැති ඇමතිලා පනහක් ඉන්නවා…! – උලපනේ සුමංගල හිමි… (Video0
2026-10-09T16:15:00+05:30
Gossip Lanka Hot News





