ඥානසාර හාමුදුරුවෝ හැදුවේ අපිව හිරේ දාලා රණවිරුවෝ නිදහස් කරගන්න…! – සන්ධ්‍යා එක්නැලිගොඩ…
ගලගොඩඅත්තේ ඥානසාර හිමි රණවිරුවන් නිදහස් කර තමන් සිරගත කිරීමට අධිකරණයේදී විනිසුරුවරයාට බලපෑම් කළ බව ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.
“එදා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහත්තයත් ඇවිත් හිටියා. මහේස්ත්‍රාත් විදිහට වැඩ කළේ ගරු රංග දිසානායක මැතිතුමා. එම නඩුවට අදාළ සැකරුවන් නැවත බන්ධනාගාරගත කළා.
ඒ අවස්ථාවේ තමයි, ගලගොඩඅත්තේ ඥානසාර හිමි උසාවියේ නැගිටලා හිටං පුරසුද්දාගේ නීතියෙන් රණවිරුවන් පාවා දෙනවා කියලා රජයේ නීතිඥයන්ට නපුංසකයෝ කියලා බැණ වැදිණා.
මං හිතන්නේ ඥානසාර හාමුදුරුවන්ට ඕන වුණේ තමන්ගේ බලය පාවිච්චි කරලා මේ අයව නිදහස් කරගන්න. මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ එයා කීවේ අපිව ඇතුළට දාලා රණවිරුවන් නිදහස් කරන්න කියලා. එතනින් එළියට එන ගමන් මා ළඟට ඇවිත් ඇඟිල්ල දික් කරලා උඹේ මිනිහා කොටියෙක්, තෝ ගිහින් හිඟා කාපන් කියලා.”
සන්ධ්‍යා එක්නැලිගොඩ මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
ඥානසාර හාමුදුරුවෝ හැදුවේ අපිව හිරේ දාලා රණවිරුවෝ නිදහස් කරගන්න…! – සන්ධ්‍යා එක්නැලිගොඩ…
2026-10-09T18:47:00+05:30
Gossip Lanka Hot News





