මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චිට ඇප
රිය අනතුරක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මහතා හෝමාගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
අද (දින) සැකකාර මන්ත්රීවරයාව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළේය.
පනාගොඩ ප්රදේශයේදී ඊයේ (07) රාත්රී කාලයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළව අතුරුගිරිය පොලිස් ස්ථානය මඟින් මන්ත්රීවරයාව අත්අඩංගුවට ගෙන තිබිණි.
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චිට ඇප
2026-10-08T14:41:00+05:30
Gossip Lanka Hot News





