gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල් ගෙනා දූෂණ විරෝධී පනතේ අඬු කඩන්න ආණ්ඩුවෙන් සංශෝධනයක්… වත්කම් බැරකම් ප්‍රකාශ හංගන්න වංගුවක්… ඊට එරෙහිව TISL ශ්‍රේෂ්ඨාධිකරණයට..!

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

එම පනත් කෙටුම්පතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක් උල්ලංඝනය වන බව පවසමින් ඊට එරෙහිව අගෝස්තු 31 වන දා අදාළ පෙත්සම ගොනු කළ බව එම ආයතනය නිවේදනය කරයි.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යනු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී බලාත්මක කිරීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා ගෙන ආ සංධිස්ථානීය ප්‍රතිසංස්කරණයක් බව පෙන්වා දෙන TISL ආයතනය, යෝජිත සංශෝධන මගින් එහි දැඩි ප්‍රතිපත්තිමය පසුබැසීමක් සිදුවන බව මෙන් ම ප්‍රධාන පනත දුර්වල කරන බව පවසයි.

එමෙන්ම යෝජිත සංශෝධනයෙන් සිවිල් සමාජ අවකාශය සීමා වන බව සේ ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට TISL ආයතනය අනතුරු අඟවා තිබේ.

“මෙම සංශෝධන මගින් දූෂණ විරෝධී උත්සහයන් ශක්තිමත් කරනවා වෙනුවට, වත්කම් ප්‍රකාශන පද්ධතිය දුර්වල කිරීම, අර්ථවත් තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි කිරීම සහ අධිකරණ අධීක්ෂණයෙන් බැහැරව නඩු නොපැරවීමේ අභිමතානුසාරී බලය අධිකාරියට ලබා දීම මගින් විනිවිදභාවය, වගවීම සහ මහජන විශ්වාසය අනතුරේ හෙළ යි,” යනුවෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

යෝජිත දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත එරෙහිව ගොනු කරන ලද පෙත්සමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අභියෝග එල්ල වන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දී තිබේ.

යෝජිත පනත් කෙටුම්පතේ 4 වන වගන්තිය හරහා සහයකයන්ට (නඩුවට සම්බන්ධ අනෙකුත් තැනැත්තන්ට) නඩු පැවරීම සම්බන්ධයෙන් වූ අධිකරණ අධීක්ෂණය ඉවත් කිරීම, දූෂණ නඩු පැවරීමේ අඛණ්ඩතාව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති බලාත්මක කිරීමේ බලතලවල විශ්වසනීයත්වය අනතුරේ හෙළීමක් බව පෙත්සමේ සඳහන් කර ඇත.

BBC සිංහල
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka