gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ආන්දෝලනාත්මක සාක්ෂි දෙකක්... පාස්කු ප්‍රහාරය දැන දැනම වසන් කළ හැටි ⁣හෙළිවෙයි

278 දෙනෙකු ඝාතනය කර තවත් 500කට අධික පිරිසක් ආබාධිත තත්ත්වයට පත් කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ්⁣ සලේ ඇතුළු පිරිසකගේ සබදතා පිළිබඳව තවත් සුවිශේෂි සාක්ෂි දෙකක් (15) දින අධිකරණයට ඉදිරිපත් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය කරුණු වාර්තා කළේය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පෙර එම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් යුද හමුදා බුද්ධි අංශයේ ඇතැම් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයට පෙර දිනයේද ප්‍රහාරයක් සිදුවීමට නියමිත බවට තොරතුරු ලැබී තිබුණද ඒ සම්බන්ධයෙන් පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව විමර්ශන සිදුකරන බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ,

“ස්වාමීනි., යුධ හමුදා සන්නද්ධ බුද්ධි අංශ බලකා දෙකක් තිබෙනවා. පළමු සන්නද්ධ බලකාය සහ තුන්වන සන්නද්ධ බලකාය. මේ අංශ දෙකේම ඉන්නවා තොරතුරුකරුවන්. එතකොට ස්වාමීනි තම්බියන් කියන එල්ටීටීඊ මුහුදු කොටි බලකායේ හිටපු කෙනෙක්. පසුව ඔහු ඉන්දියාවේ බුද්ධි සේවයේ කටයුතු කරලා පසුව ලංකාවට එනවා.

මෙහෙට ආවට පස්සේ පළමු සන්නද්ධ බුද්ධි බලකායට බුද්ධි තොරතුරු ලබා දෙනවා. ඔහු 2018 සිට සහරාන් සම්බන්ධව බුද්ධි තොරතුරු ලබාදීලා තියෙනවා. මොහු හසුරුවා තිබෙන්නේ සුරංග කියන හමුදා නිලධාරීයා. සුරංග විසින් මේ තොරතුරුකරු ලබාදෙන තොරතුරු කර්නල් රණවීරට ලබා දෙනවා.

කර්නල් රණවීර තමා එම තොරතුරු එවකට හමුදා බුද්ධි අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කුට ලබාදිය යුත්තේ. නමුත් මේ සන්නද්ධ බුද්ධි හමුදා සතුව මේ තොරතූරු තිබියදී ඔවුන් දැන දැනම හිතා මතා පාස්කු ප්‍රහාරය එල්ල වෙනකන්ම මේ තොරතුරු හෙළි නොකර සිටිනවා.

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධිය සහරාන් ඇතුළු පිරිස කළ දෙයක් බවට මෙම තොරතුරුකරු තොරතුරු ලබාදී තිබියදීත් එම ඝාතන සිද්ධිය සහරාන් කළේ නෑ, එය එල්ටීටීඊ එක කළා කියලා පෙන්වන්න හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් වන අජන්තන්ව කොටු කරන්න. දිගින් දිගටම මේ සන්නද්ධ බුද්ධි බලකාවල නිලධාරීන් උත්සාහ කළා.

ස්වාමීනි.. ඊට පස්සේ තුන්වෙනි බුද්ධි බලකාය භාරව කටයුතු කළේ කර්නල් මද්දුමගේ කියන නිලධාරීයා. මොහු පාස්කු ප්‍රහාරයට දින 9ක් වගේ කෙටි කාලයක් තියෙන කොට වව්නතිව් සිද්ධියට වගකියන්න ඕනේ සහරාන් ඇතුළු පිරිස කියල අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට කියනවා.

හැබැයි වව්නතිව් ඝාතන සිද්ධිය වූ දිනට පහුවදාම මේ තොරතුරුකරු ඒ ප්‍රහාරය කළේ සහරාන් ඇතුළු පිරිස බව තොරතුරු ලබාදී තිබෙනවා. නමුත් මේ තොරතුරු මේ හමුදා නිලධාරීන් විමර්ශකයින් සමඟ බෙදා ගන්නෙ නෑ. ඒ නිසා ස්වාමීනි සන්නද්ධ හමුදා බුද්ධි නිලධාරීන් මේ ප්‍රහාරය සිදු කිරීමට කුමන්ත්‍රණයක් සිදුකර ඇති බවට සැකයක් මතුව තිබෙනවා.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka