gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

5G කියන්නේ 4G වල අප්ඩේට් එක... ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ - ඇමති නලින්ද

මෙරට 5G තාක්ෂණය වෙත ප්‍රවේශ විය හැක්කේ 4G ජාල යටිතල පහසුකම්වල වැඩිදියුණු කිරීමක් (Upgrade) ලෙසින් පමණක් බවත්, ඒ අනුව දිවයින පුරා සන්නිවේදන කුලුනු 10,000ක් ඉදිකිරීමේ වසර තුනක ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

ලෝකය 5G තාක්ෂණය කරා ගමන් කරද්දී ශ්‍රී ලංකාව තුළ 4G කුලුනු ඉදිකිරීම පිළිබඳ විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව නඟන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෘජුවම 5G තාක්ෂණය වෙත යාමට නොහැකි බවත්, 5G සඳහා පදනම වැටෙන්නේ 4G ජාලය ශක්තිමත් වීම මත බවත්ය. ඉදිරියේදී 5G සබඳතාව ලබා දීමේදී මීටත් වඩා කුලුනු සංඛ්‍යාවක් අවශ්‍ය වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට කුලුනු 573ක් ඉදිකිරීමට අදාළ ස්ථාන හඳුනාගෙන කටයුතු ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය. 

මෙම එක් සන්නිවේදන කුලුනක් ඉදිකිරීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් මිලියන 35ක මුදලක් සහ විදුලි සැපයුම ලබා ගැනීමට තවත් මිලියන 5ක් ඇතුළුව රුපියල් මිලියන 40ක පමණ මුදලක් වැය වන බව අමාත්‍යවරයා කීය. සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් දැනටමත් රජය රුපියල් බිලියන 9ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු තහවුරු කළේය.

කුලුනු ඉදිකිරීම ප්‍රමාද වන බවට එල්ල වන චෝදනා පිළිබඳ කරුණු දැක්වූ අමාත්‍යවරයා, කුලුනක් ඉදිකිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය, ආයෝජන මණ්ඩලය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ආයතන 17කින් අනිවාර්ය අනුමැතිය ලබා ගැනීමට සිදුවන බැවින් යම් කාලයක් ගතවන බව පෙන්වා දුන්නේය.

එමෙන්ම අදාළ දුරකථන සේවා සපයන සමාගම් හරහා මෙම කුලුනු ඉදිකිරීම සිදුකරන අතර, ඒ සඳහා වැයවන මුදල් රජය විසින් ප්‍රතිපූර්ණය කරනු ලබන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka