පිස්සුකුට්ටි නාමල්ගේ බිරිදව විකුණගෙන කන්න එපා... පිස්සුකුට්ටිගේ ගෝත වැඩ නිසා තමයි නාමල්ට කළින්ම හිරේ යන්න වුණේ - පුජ්‍ය සෝමරතන හිමි
"නාමල් රාජපක්ෂ මැතිතුමාට මෙච්චර ඉක්මනට සිරගත වීමට බලපාන ප්‍රධානම හේතුව තමයි, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිල නොලත් ජනාධිපති විදිහට කියාගන්නා, අර බදුල්ලෙන් මොණරාගලින් පන්නා දාපු 'පිස්සු කුට්ටි ආරච්චිගේ' පිස්සු, අමන, ගෝත වැඩ නිසා කියන එක ජනතාව හොඳටම මේ වෙනකොට අවබෝධ කරගෙන තියෙනවා.
අද විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාව, මාධ්‍ය හමුව පවත්වන්නේ, මේ වෙනකොට මේ රටේ කතා වෙන විශේෂ මාතෘකාව තමයි නාමල් රාජපක්ෂ මැතිතුමාව සිරගත කිරීම. ඒක අධිකරණයෙන් දුන්නු තීන්දුවක්. ඒ තීන්දුව අපි විවේචනය කරන්නේ නෑ. අපි අධිකරණයට ගරු කරනවා. ඒ නිසා නාමල් රාජපක්ෂ මැතිතුමා මේ ඊයේ පෙරේදා දාපු නඩුවකට හරි, ඊයේ පෙරේදා වෙච්ච සිදුවීමකට හිරේ ගියා වෙන්න බෑ. කාලයක් තිස්සේ විමර්ශන කටයුතු කරගෙන ඒ ඒ ආයතන වලින් ගනු ලබන තීන්දු තියෙන්නේ.
මට හොඳටම පැහැදිලියි නාමල් රාජපක්ෂ මැතිතුමාට මෙච්චර ඉක්මනට සිරගත වීමට බලපාන ප්‍රධානම හේතුව තමයි, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිල නොලත් ජනාධිපති විදිහට කියාගන්නා, අනුරාධපුර දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් පත්කර තිබෙන සංවිධායක, දිස්ත්‍රික් නායක කියාගන්නා, අර බදුල්ලෙන් මොණරාගලින් පන්නා දාපු කුට්ටි ආරච්චි, එහෙම නැත්නම් 'පිස්සු කුට්ටි ආරච්චිගේ' පිස්සු, අමන, ගෝත වැඩ නිසා කියන එක ජනතාව හොඳටම මේ වෙනකොට අවබෝධ කරගෙන තියෙනවා.
දැන් මේ මරු විකාරයෙන් මේ පිස්සු කුට්ටි ආරච්චි තැන තැන රැස්වීම් තියන්න, සංවිධානය කරන්න, ඒ ඒ අය බොහොම හොඳට ලොකු රැලියක් සහ මොකක් හෝ කරන්න හදනවා. මොකක් හෝ කරලා මේ ආණ්ඩුව පෙරලන්න හිතන්නවත් හම්බෙන්නේ නෑ. මොකද නිල නොලත්ලට නැවත ජනතාව බලය ලබා දෙන්නේ නෑ. ඒකට හේතුව අපි දැක්කා ඒක රැස්වීමක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ළඟම යාළුවා, හිතවතා, මිත්‍රයා, මමයි නාමල් රාජපක්ෂ රටේ ජනාධිපති වෙනකොට නිල නොලත් ජනාධිපති කියාගත්තා මෙන්න මේ තිස්ස කුට්ටි ආරච්චි. එතනම අපි දැනගත්තා මේ කුට්ටි ආරච්චිට හොඳටම පිස්සු කියලා. පිස්සු නැත්නම් නිල නොලත් කියාගන්නවයැ.
නාමල් රාජපක්ෂගේ එයාගේ විතරද යාළුකම? මේ රටේ මහා සංඝරත්නය අද මේ විදිහට කතා කරන්නේ, මේ තිස්ස කුට්ටි ආරච්චි පිළිබඳව වැව් බැඳි රජරට මිනිස්සු හොඳට දන්නවා. මෙතුමා නිසා තමයි නාමල් රාජපක්ෂ මැතිතුමාට අද හිරේ යන්න වුණේ. මම වගකීමෙන් කියනවා, තිස්ස කුට්ටි ආරච්චිගේ මේ ගොන් ආතල්, එහෙම නැත්නම් අමන ක්‍රියා නිසා තමයි අද නාමල් රාජපක්ෂ මැතිතුමාට බන්ධනාගාරගත වෙන්න වෙලා තියෙන්නේ.
ඒකට හේතුව මං කියන්නම්. පක්ෂය රැවැට්ටුවා, පක්ෂ නායකයෝ රැවැට්ටුවා, නාමල් රාජපක්ෂ මැතිතුමා රැවැට්ටුවා. සල්ගාදු පිටියේ රැලිය තියන්නේ කියලා අවසානයේ නගර සභා පිටියට යන්න වුණා. මේ ඔක්කොම තිස්ස කුට්ටි ආරච්චිගේ රඟපෑම්. තිස්ස කුට්ටි කොහොමත් බොරු කියන්නේ. ඒ වගේම ඒ බොරු උඩ තියාගෙන කුට්ටි ආරච්චි ජනාධිපති කරන්න බලාගෙන ඉන්න, මහා ඇමති කරන්න බලාගෙන ඉන්න සංවිධායක උෂ්ණෙ තියෙන වීරකෝන්ලට, විජේවීරලට තියෙන වුවමනාව කුට්ටි මේකේ මහා ඇමති කරන්න. කවදාවත් හීනෙන්වත් තිස්ස කුට්ටිට, නිල නොලත්ලට මේකේ බලය නැවත ජනතාව දෙන්නේ නෑ.
ඒ නිසා මුළු ලංකාවේම ඉන්න සියලු ජනතාව ගෙනැල්ලා තිස්ස කුට්ටි ආරච්චි හදනවා ගාල්ල, මාතර, අම්පාර ඔක්කොම කතා කරනවාලු කුට්ටි ආරච්චිට රැලියට එන්න. නාමල් රාජපක්ෂ මැතිතුමාට ආදරේට, මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආදරේට මිනිස්සු එකතු වෙයි. තිස්ස කුට්ටි ආරච්චිට ආදරේට නෙමෙයි එකතු වෙන්නේ. තිස්ස කුට්ටි හිතනවා නම් ඒකෙන් තිස්ස කුට්ටි මෙහෙ මහා ඇමති වෙනවා, නැත්නම් නිල නොලත් ජනාධිපති වෙනවායි කියලා, ඒක හීනයක්.
අද ලිමිනි රාජපක්ෂ, අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳ වේදිකාවට එනවායි කියලා මාධ්‍යයේ යනවා අපි දැක්කා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා වේදිකාවට එනවායි කියලා අපි දැක්කා. අපි ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ මහා සද්දන්ත චරිතයක්. එතුමාට අද පාඩුවේ ඉන්න දෙන්න. එතුමා අද රෝගාතුරුව ඉන්නවා නම් විවේකයෙන් ඉන්න දෙන්න. ඒ වගේම ලිමිනි රාජපක්ෂ, ඒ අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳට, නිදහසේ පාඩුවේ දරුවොත් බලාගෙන ඉන්න නොදී මේ කුට්ටි ආරච්චි ඒ අයවත් විකුණන් කන්න යනවා.
ඒ නිසා රාජපක්ෂවරුන්ට වරදින්නේ කොන්දේසි විරහිතව ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් මේ සමාව ගත්ත කුට්ටි ආරච්චිගේ කුමන්ත්‍රණයට අහුවෙන්න එපා. අනුරාධපුරේ ජනතාවට රැලිය තියන්න වුවමනාවක් තිබ්බේ නෑ. අනුරාධපුරේ ජනතාවට මේ වගේ මහා විශාල රැලියක් තියලා රජය බය කරන්න වුවමනාවක් තිබ්බේ නෑ. මේ පත්වුණු රජයට වැඩ කරගෙන යන්න දෙන්න.
විපක්ෂයේ වෙලාවට එයි. ඒ එනතක් මේ ආණ්ඩුවට වඩා හොඳ රජයක් ආවොත්, ඒ රජය අයෙම කියනවනේ අවස්ථාව දෙනවායි කියලා. ඒ නිසා මේ අවුරුදු ගාණක් වැරදි කරගෙන කරගෙන ඇවිල්ලා, ඒවා නිසා ජනතාව විපාක වින්දා. පාරවල් වලට බහින්න වුණා. මිනිස්සු අවසානයට උද්ඝෝෂණ කරලා එපායි කියපු අය නැවත බලයට ගෙනෙයි කියලා මං හිතන්නේ නෑ.
ඒ නිසා අද අපිට මේ ජේවීපී හෝ වේවා වෙනත් පක්ෂ වල අය මඩ ගැහුවට අපිට කටවල් වහන්න බෑ. මේ මම කියන කාරණාව ඇත්තද කියන එක රජරට මිනිස්සු කියයි. තිස්ස කුට්ටි ආරච්චි වැව් බැඳි රජරටට, මේ අනුරාධපුරේට ගැලපෙන්නේ නෑ. මේ පුද්ගලයා මෙහෙට කරපු එක දෙයක් මම අහනවා, අභියෝග කරනවා. මේ මාධ්‍ය සාකච්ඡාව හැමතැනම යයි. මම අහන්නේ කුට්ටි ආරච්චි අනුරාධපුරේට හදපු පාරක් කියන්න. තිස්ස කුට්ටි ආරච්චි මේ වැව් බැඳි රජරටට පාර හැදුවද? බෝක්කුව දැම්මද? පාසල් ළමයෙකුට පොතක් දුන්නද? ආර්ථිකයට මොකක්ද කරේ? අබමල් රේණුවක වැඩක් නොකරපු කයිය ගහපු කුට්ටිට ජනතාව රැවටෙන්න එපායි කියන රතු නිවේදනය අද මම දෙන්නේ. මම මේ සාකච්ඡාවේ කියන්නේ කුට්ටි ආරච්චිට නම් රැවටෙන්න එපා කියන එකයි."
මේ පුවත තව අයට බලන්න
පිස්සුකුට්ටි නාමල්ගේ බිරිදව විකුණගෙන කන්න එපා... පිස්සුකුට්ටිගේ ගෝත වැඩ නිසා තමයි නාමල්ට කළින්ම හිරේ යන්න වුණේ - පුජ්‍ය සෝමරතන හිමි
2026-09-08T07:53:00+05:30
Gossip Lanka Hot News






