gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බලය භාවිතා කරමින් චන්ඩි පාට් දැමූ ශෂින්ද්‍රට වැඩ වරදින හැටි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවට අදාළව විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිබඳ නියෝගය ඔක්තෝබර් (08) වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුව ඊයේ (29) කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබු අතර එම අවස්ථාවේදී, ඇප මත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, හානිපූර්ණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ සේපාලිකා සමන් කුමාරි, මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති බණ්ඩාර කොටගම අධිකරණයේ පෙනී සිටියේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ, 2022 වසරේ මැයි (09) වැනිදා ඇතිවූ අරගලයේදී හානියට පත්විය.

අනතුරුව එම දේපළ සඳහා වන්දි ගෙවීම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබියදී, ඊට පටහැනි ලෙස හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka