සජිත්ටත් ලොකු ලෙඩක් වැටෙයි... CID ප‍්‍රශ්ණ කරන්න යයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සිදුකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
අදාළ මන්ත්‍රීවරුන් මෙම ප්‍රකාශ සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුව තුළදී බැවින්, ඒ සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂාව හිමිවන අතර, ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගත හැක්කේ ඔවුන්ගේ පූර්ණ කැමැත්ත සහ සහයෝගය මත ස්වේච්ඡාවෙන් පමණි.News
මේ සම්බන්ධයෙන් ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන්නේ, මෙම මන්ත්‍රීවරුන් සතුව සිය ප්‍රකාශ සනාථ කිරීම සඳහා විශ්වාසදායක තොරතුරු තිබිය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරන බැවින් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව, එම ප්‍රකාශ සඳහා පදනම් වූ මූලාශ්‍ර කවරේදැයි මන්ත්‍රීවරුන්ගෙන් විමසීමට නියමිතය.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ, අදාළ මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශවල හැන්සාඩ් වාර්තා පිටපත් ලබාගෙන, ඒවා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ප්‍රකාශ ලබාගැනීමට පියවර ගන්නා ලෙසයි.
තමන් සතු ඕනෑම තොරතුරක් ලබා දෙමින් මෙම විමර්ශනයට සහාය වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත්, එම ප්‍රකාශ ලබාගැනීම සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් පමණක් සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරනු ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ මහතා මේ වන විට දින 100 කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අනුව තවදුරටත් රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලැබීම අත්‍යවශ්‍යද යන්න දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ නියෝගය පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට සැප්තැම්බර් 22 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. ඒ, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බලමිනි.
මේ පුවත තව අයට බලන්න
සජිත්ටත් ලොකු ලෙඩක් වැටෙයි... CID ප‍්‍රශ්ණ කරන්න යයි
2026-09-21T09:49:00+05:30
Gossip Lanka Hot News






