gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කොළඹ මහ නගර සභාවේ වංචා තොගයක් හසුවේ... රෝසිත් මන්ත්‍රීවරු 100කුත්...

කොළඹ මහ නගර සභාව තුළ 2010 වසරේ සිට 2025 වසර දක්වා වූ වසර 15ක කාලසීමාව තුළ සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ දූෂණ, වංචා, අක්‍රමිකතා සහ රාජ්‍ය සම්පත් අවභාවිතයන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු මේ වන විට ඉතා වේගවත් වී තිබේ.

එම විමර්ශනවලට අදාළව කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 100කට ආසන්න පිරිසකගෙන් ජනාධිපති කොමිසමේ විමර්ශන අංශය විසින් දැනටමත් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ප්‍රශ්න කිරීමට ලක්වූවන් අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියද වන අතර, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් රැසක්ම ඊට ඇතුළත් වෙති.හෙළිවූ ප්‍රධාන වංචා සහ අක්‍රමිකතාජනාධිපති කොමිසමේ විමර්ශන අංශය සිදුකළ මූලික විමර්ශනවලදී කොළඹ නගර සභාව තුළ සිදුවූ බරපතළ වංචාකාරී ක්‍රියාකාරකම් කිහිපයක්ම අනාවරණය කර ගැනීමට සමත්ව ඇත.

සැබෑ අසරණයන් වෙනුවට මන්ත්‍රී අනුගාමිකයන්ට වවුචර්:

2022 වසරේ පැවැති දැඩි ආර්ථික අර්බුදය හමුවේ කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ එකහමාරකට ආසන්න පිරිසකට රුපියල් 3,500 බැගින් මුදල් ගෙවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක විය.

කෙසේවෙතත්, එහිදී සැබෑ අඩු ආදායම්ලාභීන් වෙනුවට හිටපු මන්ත්‍රීවරුන් විසින් ලබාදුන් ඔවුන්ගේ දේශපාලන අනුගාමිකයන්ගේ ලැයිස්තුවලට අදාළ වවුචර්පත් ලබාදී ඇති බවට සාක්ෂි හෙළිවී ඇත.

වාහන නැවතුම්පොළ ඉඩම් ව්‍යාපාරිකයන්ට විකිණීම

මන්ත්‍රීවරුන් රැසක් සිය නිල කාර්යාල පවත්වාගෙන යන බව සඳහන් කරමින් කොළඹ ප්‍රධාන නගර ආශ්‍රිත වාණිජමය වටිනාකමකින් යුත් ස්ථානවල වාහන නැවතුම්පොළ සඳහා ඉඩ වෙන්කරගෙන ඇත.

පසුව එම ඉඩකඩ විශාල මුදලකට පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන වෙත අලෙවි කර මූල්‍ය අවභාවිතයක නිරත වී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඉදිරියේදීමෙම වංචා සහ අක්‍රමිකතාවලට කෙලින්ම සම්බන්ධ බවට තහවුරු වන හිටපු මන්ත්‍රීවරුන් ජනාධිපති කොමිසම හමුවට කැඳවා, මහජනතාව සහ මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ සාක්ෂි විභාගයක් පැවැත්වීමටද කොමිෂන් සභාවේ විශේෂ අවධානය යොමුව ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka