gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ස්ලීප් ඇප්නියා, හෘදය වස්තුවේ ස්ටෙන්ට් පහක්, දියවැඩියාව - හිටපු ඇමති රවී ඇප ගන්න උසාවියට කියපු දේ!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ ඇප ඉල්ලීම සලකා බලමින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නීතිඥයන් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය මහතා පෙන්වා දුන්නේ, කරුණානායක මහතාගේ හෘදයේ ස්ටෙන්ට් (stents) 5ක් තබා ඇති අතර තවත් ස්ටෙන්ට් එකක් දැමීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. ඊට අමතරව 2014 සිට ඔහු ‘Sleep Apnea’ රෝගයෙන් පෙළෙන බැවින් නින්දේදී විශේෂ ශ්වසන උපකරණයක් භාවිත කළ යුතු බවත්, පාලනය නොකළ දියවැඩියාව, බරපතළ චර්ම ආසාදනයක් වන සෙලියුලයිටිස් (cellulitis) තත්ත්වය ඇතුළු රෝග රැසකින් ඔහු පෙළෙන බවත් අධිකරණයට දැනුම් දුන්නේය. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලෙන් ලබාගත් වෛද්‍ය වාර්තා ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයන් තිදෙනෙකු වෙනත් රාජකාරි සඳහා යොදාගැනීමේ සිද්ධියකට අදාළව පැය 3ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා, කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා විසින් රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර, විදේශ ගමන් තහනමක් ද පැනවීය. අදාළ නඩුව නැවත නොවැම්බර් 3 වනදා කැඳවීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka