gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

උවිදුට එරෙහිව ජනපතිගෙන් සම්බාධක... සම්බාධක නොතකා රහසින් ගණුදෙනු!

තමන් සමඟ කිසිදු කතාබහක් නොපවත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට තහනමක් (Sanction) පනවා ඇති බවට ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා ප්‍රකාශයක් සිදුකර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, තමන් සමඟ කතාබස් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා විසින් සිය පක්ෂ නායකයින්ට එවැනි සීමා පනවා ඇති බවය.

නමුත් පක්ෂයේ මෙන්ම රජයේ බොහෝ පිරිස් තවදුරටත් තමන් සමඟ තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බවත් හෙතෙම ඒ සටහනේ සදහන් කර ඇත.

ඉතා මෑතක් දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමීප මිතුරෙකු ලෙස කටයුතු කළ උවිඳු කුරුකුලසූරිය මහතා, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෑතකාලීනව වත්මන් පාලනය සහ එහි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම දැඩි විවේචන එල්ල කරමින් සිටියි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka