ජනපති අනුර විසින් පාස්කු මහ නඩුවේ තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අභියාචනාධිකරණයට නම් කරයි
පාස්කු මහ නඩුව ඇසූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතාගේ නම අභියාචනාධිකරණය සඳහා යෝජනා කරමින්, ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර තිබේ.
පාස්කු මහ නඩුවේ තීන්දුව ඊයේ දිනයේ දී ලබා දුන් අතර, ජනාධිපතිවරයා ඊයේ දිනයේදීම සභාපති විනිසුරුගේ නම අභියාචනාධිකරණයට යෝජනා කිරීම විශේෂ තත්ත්වයකි.
අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අවස්ථාවේ දී ජනාධිපතිවරයා පවසා සිටියේ, දැනට සිටින ජ්‍යේෂ්ඨතම මහාධිකරණ විනිසුරුවරයා පාස්කු නඩුව අසමින් සිටින බැවින්, ඔහු එම නඩුව අසා අවසන් වන තෙක් අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීමට තමන් සූදානම් නැති බවයි.
ජනාධිපතිවරයාගේ අදහස වී තිබුණේ, පාස්කු මහ නඩුව අසමින් සිටි, විනිසුරු නවරත්න මාරසිංහ මහතා අභියාචනාධිකරණයට පත් කළහොත්, අසමින් පවතින පාස්කු මහ නඩුවට ඉන් බලපෑමක් ඇතිවිය හැකි බවයි.
එසේම, නවරත්න මාරසිංහ මහතා අභියාචනාධිකරණයට පත් නොකර, ඔහු මහාධිකරණයේම තබා සිටියහොත්, එය විනිසුරු නවරත්න මාරසිංහ මහතාට කරන අසාධාරණයක් ලෙස තමන් සලකන බව ද ජනාධිපතිවරයා පැවසී ය.
ඒ අනුව, පාස්කු මහ නඩුව අවසන් වූ දිනයේදීම, ජනාධිපතිවරයා විනිසුරු නවරත්න මාරසිංහ මහතාගේ නම අභියාචනාධිකරණයට යෝජනා කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
ජනපති අනුර විසින් පාස්කු මහ නඩුවේ තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අභියාචනාධිකරණයට නම් කරයි
2026-09-23T13:04:00+05:30
Gossip Lanka Hot News






