gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ නාමල් රාජපක්ෂ එයාර් බස් ගණුදෙනුවේ ප්‍රධාන සැකකරු ලෙස නම් කරයි – අනිද්ද අධිකරණයට ගෙන්න නියෝග!

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

නීතිපති උපදෙස් සහ ඒකාබද්ධ විමර්ශනයක් අනුව එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

නීතිපතිවරයාගේ උපදෙස් මත අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමකට අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවට ද ඔහුව සැකකරුවෙකු ලෙස ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව, දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සැප්තැම්බර් 16 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) නියෝග කළා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka