gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කතානායකට එරෙහි තව පැමිණිල්ලක්... නිල නිවසේ භාණ්ඩ උස්සලා!

වත්මන් කථානායකවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර සුදුසු දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දුන්නේය.

එම පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටියේ, මෙම ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කථානායකවරුන්ට අපලයක් පවතින බවයි.

මීට පෙර එම ධුරය හෙබවූ අශෝක රන්වල මහතා සිය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකිව ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, වත්මන් කථානායකවරයාට ද මේ වන විට බරපතළ චෝදනා එල්ල වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම පසුගිය සතිවල කථානායක නිල නිවසේ තිබූ ඇතැම් භාණ්ඩ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳව ද කථානායකවරයා ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු තවත් කිහිපදෙනෙකු ද වත්මන් කථානායකවරයාට එරෙහිව මේ වන විටත් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම මෙහිදී සිහිපත් කළේය.

එබැවින්, වත්මන් කථානායකවරයා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මෙම සියලු පැමිණිලි කඩිනමින් විභාග කර, පරීක්ෂණ පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka