gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සුගීෂ්වරට ගෙවූ වැටුප් ගෝඨාභයගේ ඥාති පුතකුගේ ගිණුමට ගොස් ඇති බව විමර්ෂණවලින් අනාවරණය වෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සුගීෂ්වර බණ්ඩාර යන සැකකරුට ජනපති කාර්යාලයෙන් ගෙවූ බව කියන වැටුප් මුදල් බැර වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සොහොයුරියකගේ පුතකුගේ ගිණුමට බව විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි මධ්‍යම විමර්ශන කාර්යාංශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කරුණු දැක්වීය. 

ඒ සම්බ­න්ධ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන්ද ගිණුම හිමි­ක­රු­ගෙන්ද ප්‍රකාශ ලබා­ගෙන ඇති බවද මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය අධි­ක­ර­ණය හමුවේ සඳ­හන් කළේය.

මේ සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් විම­ර්ශන පැවැ­ත්වෙන බවද මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය වෙනු­වෙන් කරුණු දැක්වූ පොලිස් නිල­ධා­රියා අධි­ක­ර­ණය හමුවේ පැව­සීය.

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ධුර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා වශ­යෙන් කට­යුතු කර­මින් රුපි­යල් කෝටි 22කට අධික මුද­ලක් සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය, සාප­රාධී විශ්වා­සය කඩ කළ බවට සැක­පිට රක්ෂිත බන්ධ­නා­ගාරගත­ කර සිටින හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ හිටපු පෞද්ග­ලික ලේකම් සුගී­ෂ්වර බණ්ඩාර අධි­ක­ර­ණය හමු­වට ඊයේ ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය මේ බව දැනු­ම්දු­න්නේය. එහිදී සැක­කරු සම්බ­න්ධ­යෙන් කළ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කර­මින් තව­දු­ර­ටත් ලබන 7 තෙක් රක්ෂිත බන්ධ­නා­ගාරගත ­ක­රන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා නියෝග කළේය.

සැක­කාර සුගී­ෂ්වර බණ්ඩාර යන අයගේ ගිණු­මට අවස්ථා හත­ර­කදී රුපි­යල් ලක්ෂ 50ක මුද­ලක් බැර වී ඇතැ­යිද අවස්ථා 79කදී රුපි­යල් එක්කෝටි දාහ­තර ලක්ෂ­ය­කට අධික මුද­ලක් බැර වී ඇතැ­යිද මධ්‍යම විම­ර්ශන කාර්යාං­ශය වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. මේ වන­විට විශේෂ ව්‍යාපෘති සාමා­ජි­ක­යන් ගණ­නා­ව­කගේ ප්‍රකාශ සට­හන් කර­ගෙන ඇති බවත් තවත් ප්‍රකාශ 50කට අධික ප්‍රමා­ණ­යක් සට­හන් කිරී­මට ඇති බවත් කී පොලී­සිය විම­ර්ශන අව­සන් නැතැ­යිද කියා සිටි­යේය. “හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ පෞද්ග­ලික ලේක­ම්ව­රයා ලෙස වැටු­ප්ව­ලට අදාළ මුදල් බැර වී ඇත්තේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ සොහො­යු­රි­ය­කගේ පුත­කුගේ ගිණු­මට බව විම­ර්ශන අනා­ව­ර­ණය කළා. ඒ බවට ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රකාශ අනා­ව­ර­ණය කර තිබෙ­නවා. එම මුදල් ගොනු කළ ගිණුම හිමි­ක­රුගේ ප්‍රකාශ දෙකක් ලබා ගත්තා. එක් ප්‍රකා­ශ­යක මුද­ල්ව­ලින් භාග­යක් ලැබුණු බවත් අනෙක් ප්‍රකා­ශයේ කිසිදු මුද­ලක් නොලද බවත් කියා තිබෙ­නවා. ඊට අදාළ වැඩි­දුර විම­ර්ශන කර­නවා” යැයි පොලී­සිය වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් පොලී­සිය විම­ර්ශන ප්‍රග­තිය මෙසේ දන්වා සිටි­යේය.

“ස්වාමීනි, මොහු ගොනු­කර තිබූ ඇප අයැ­දු­ම්පත ඉහළ අධි­ක­ර­ණය විසින් ප්‍රති­ක්ෂේප කර තිබෙ­නවා. හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ පෞද්ග­ලික ලේක­ම්ව­රයා ලෙස මොහු වැටුප් ලබා­ගෙන නැහැ. ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් කළා. එම මුදල් බැර වී ඇත්තේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ අක්කාගේ පුත­කුට බවට ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් ලබා ගත් ප්‍රකාශ අනා­ව­ර­ණය කර තිබෙ­නවා. ඒ අනුව ඔහු සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කළා. පළමු ප්‍රකා­ශ­යේදී මුදල් කොට­සක් ලැබූ බවට ඔහු ප්‍රකාශ කළත් දෙවැනි ප්‍රකා­ශ­යේදී මුදල් කිසි­වක් ලැබුණේ නැති බවට ප්‍රකාශ ලබාදී තිබෙ­නවා. ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කිරී­මට ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට ඇති වර­ප්‍ර­සාද සම්බ­න්ධ­යෙන් නීති­ප­ති­ව­ර­යා­ගෙන් උප­දෙස් ඉල්ලා තිබෙ­නවා.”

එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා කියා සිටියේ ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කළ යුතු බවය.

“ස්වාමීනි ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මොහුට ගෙවී­මක් නොකළ බවට ප්‍රකාශ කළ ද විශේෂ ව්‍යාපෘති අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස මොහු යටතේ 135ක් පමණ සේවය කර තිබෙ­නවා. අධ්‍ය­ක්ෂ­ව­රුන් විසි දෙකක් එහි සේවය කර තිබෙන අතර එම ව්‍යාපෘ­තිය යටතේ කර ඇත්තේ දේශ­පා­ල­නය ප්‍රව­ර්ධ­නය කිරීම පම­ණක් බවට විම­ර්ශන අනා­ව­ර­ණය කර තිබෙ­නවා. එම කට­යුතු කර­මින් ඔහු මුදල් රුපි­යල් කෝටි 22ක අධික මුද­ලක් ලබා­ගෙන තිබෙ­නවා.”

සැක­කරු වෙනු­වෙන් අද­හස් දක්ව­මින් ජනා­ධි­පති නීතිඥ මෛත්‍රී ගුණ­රත්න මහතා කියා සිටියේ සැක­කරු වැටුප් දෙකක් ලබා­ගෙන නැති බවය.

“මෙම විම­ර්ශ­නය ආරම්භ කළේම වැටුප් දෙකක් ලබා­ගෙන ඇති බවට චෝදනා ගොනු කර­මින්. හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රකා­ශ­ව­ලින් අනා­ව­ර­ණය වී තිබෙ­නවා ඔහු වැටුප් දෙකක් ලබා නොගත් බවට. ඔහුගේ ගිණු­මට එම මුදල් ලැබී නැති බව­ටත් විම­ර්ශ­නය කර තිබෙ­නවා” යැයි අධි­ක­ර­ණය හමුවේ නීති­ඥ­ව­රයා දන්වා සිටි­යේය.

නඩුව කැඳවූ අව­ස්ථාවේ බන්ධ­නා­ගා­රය විසින් සැක­කාර සුගී­ෂ්වර බණ්ඩාර යන අය විවෘත අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka