gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

යුනිලීවර් වැට් බදු නඩුව පරදියි

ප්‍රකට පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලීවර් ලංකා (Unilever Sri Lanka Limited) සමාගම විසින් බාහිර පාර්ශ්වයන් හරහා නිෂ්පාදනය කරවා ගන්නා ‘Signal’ දත් බුරුසු සහ ‘Vim’ සෝදන බාර් සම්බන්ධ දිගුකාලීන වැට් බදු (VAT) ආරවුලකට අදාළව ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

භෞතික නිෂ්පාදන කටයුතු වෙනත් සමාගම් විසින් සිදු කළද, අදාළ ගිවිසුම් හා නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් යුනිලීවර් සමාගම සතු වූ අයිතිවාසිකම් සහ පාලනය සැලකිල්ලට ගනිමින්, වැට් බදු අරමුණු සඳහා එම සමාගම ‘නිෂ්පාදකයකු’ ලෙස සැලකිය හැකි බවශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් සැප්තැම්බර් 14 වැනිදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

නඩු තීන්දුවට අනුව, Polypak Secco Limited විසින් නිෂ්පාදනය කරන ලද ‘Signal’ දත් බුරුසු සහ R.M. Chemicals Ceylon (Private) Limited විසින් නිෂ්පාදනය කරන ලද ‘Vim’ බාර්, යුනිලීවර් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම් යටතේ එම සමාගම විසින් නියම කරන ලද ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර තිබේ.

මෙහිදී යුනිලීවර් සමාගම සාමාන්‍ය ගැනුම්කරුවකුට වඩා ඔබ්බට ගොස් නිෂ්පාදන ප්‍රමිතීන්, ඇසුරුම්කරණය සහ වෙළෙඳ අනන්‍යතාවසම්බන්ධයෙන් සැලකිය යුතු පාලනයක් හා අයිතිවාසිකම් රඳවාගෙන තිබූ බව අධිකරණය නිරීක්ෂණය කර ඇත.

වැට් බදු පනතේ විධිවිධාන යටතේ යම් සමාගමක් ‘නිෂ්පාදකයකු’ ලෙස සැලකීම සඳහා කර්මාන්ත ශාලාවක සෘජු හිමිකාරීත්වය හෝ භෞතිකව නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වීම අත්‍යවශ්‍ය නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ.

ඒ අනුව, අභියාචනාධිකරණය මීට පෙර ලබාදුන් තීන්දුව තහවුරු කරමින් යුනිලීවර් සමාගමේ අභියාචනය දඩ මුදල් සමඟ ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

-srilankamirror
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka