මාලිමා මන්ත්රීන් 159ටම විරුද්දව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්රීවරුන් සියලු දෙනාට එරෙහිව 'දිනන දකුණ' සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (02) පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
එම මන්ත්රීවරුන් තමන්ට හිමි මන්ත්රී දීමනා සහ වරප්රසාද මහජන යහපත උදෙසා භාවිත නොකර, ඒවා ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුම් වෙත බැර කිරීම හරහා දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බව එම සංවිධානය සිය පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ ප්රතිපාදනවලට අනුකූලව මෙම ක්රියාව සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස 'දිනන දකුණ' සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.
කරුණු පහක් පදනම් කරගනිමින් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල මගින් ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් 159 දෙනාම කැඳවා ප්රකාශ සටහන් කරගන්නා ලෙසත්, අදාළ පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක් කරන ලෙසත් එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.
මේ පුවත තව අයට බලන්න
මාලිමා මන්ත්රීන් 159ටම විරුද්දව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
2026-09-02T11:40:00+05:30
Gossip Lanka Hot News






