කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මිය ගියේ වෙඩිවැදීමෙන් බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි
පසුගියදා කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුතාවයේදී රැඳවියන් දෙදෙනා මිය යෑමට හේතුව වෙඩි වැදීමෙන් සිදු වූ බරපතල තුවාල නිසා බව රත්නපුර මහ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයන් අනාවරණය වී තිබේ.
බන්ධනාගාරයේ ඇති වූ මෙම නොසන්සුන්තාවයෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 12 දෙනෙකු තුවාල ලැබූහ.
මියගිය අයගෙන් එක් රැඳවියෙකු හිසට වෙඩි වැදී ඇති බවත් අනෙක් රැඳවියාගේ පපුවට වෙඩි වැදී බරපතල තුවාල සිදුව ඇති බවත් පොලිසිය පවසයි.
බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා කදුළු ගෑස් ප්‍රහාරයක් සහ වෙඩි තැබීමක් ද සිදු කළ බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මිය ගියේ වෙඩිවැදීමෙන් බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි
2026-08-12T10:16:00+05:30
Gossip Lanka Hot News





