gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුගීෂ්වරට අසාධ්‍යයි... හෘදයේ ධමනි ආශ්‍රිත රෝගයක්!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ.

“ස්වාමීණී.. සැකකරු මේ වනවිට දින 54කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වෙනවා. සැකකරුගේ හෘදයේ ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතිනවා. මේ හේතුවෙන් ධමනි තුවාල වීම් හා ලේ විෂවීම් සිදුව තිබෙනවා.

මෙම රෝගී තත්ත්වයන්ට ඔහු ප්‍රතිකාර ලබන තැනැත්තෙක්. දිගු කාලයක් බන්ධනාගාරගත වී සිටීම නිසා එම ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ඒ වගේම ස්වාමීණී.. සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටීම නිසා ඔහුගේ එකොළොස් හැවිරිදි දියණිය දැඩි මානසික ආතතියකට ලක්ව සිටිනවා. එනිසා ඇය ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරුගේ දොළොස් හැවිරිදි පුත්‍රයාගේත් මානසික ආතති තත්ත්වය උත්සන්න වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මධ්‍යස්ථ විශාද තත්ත්වයකට පත්ව තිබෙන බව වෛද්‍යවරු ප්‍රකාශ කරන තිබෙනවා.

මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටීම නිසා ඔහුගේ මවගේ මානසික තත්ත්වය ද ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙනවා. මෙම සැකකරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් පත්වුණේ, 2019 වසරේ නොවැම්බර් මස (19) වනදා.”

අනතුරුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,

“ස්වාමීනී.. මෙම සැකකරුට ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කරුණු මීට පෙරත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණා. ඒවා සුවිශේෂී කරුණු සේ සැලකිය නොහැකි බව සඳහන් කරමින් ප්‍රතික්ෂේප කර ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

එම නිසා අද දින ඉදිරිපත් කරන කරුණු සුවිශේෂී කරුණු ලෙස සැලකිය නොහැකි බව අධිකරණයට දැනුම් දෙනවා. මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ පොදු දේපළ පනත යටතේ. විමර්ශනවලදී නවතම කරුණු අනාවරණය වෙනවා.

එම නිසා ඒ සම්බන්ධයෙනුත් වැඩිදුර විමර්ශන පැවැත්වීමට සිදුව තිබෙනවා. එනිසා සැකකරුට ඇප හිමිවීම විමර්ශනයට බාධාවක්. සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”

අනතුරුව දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන (25) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka