gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුරෝපයේ හෝටල්-සුපිරි ජීප් රථ - ශිරාන් බාසික්ගේ පිටරට වත්කම් හෙළිවෙයි

අත්අඩංගුවේ පසුවන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස පොලිසිය හඳුන්වන ශිරාන් බාසික්ගෙන් සිදුකරන දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ, ඔහුගේ විදේශීය දේපළ හා ව්‍යාපාරික ජාලය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් පවත්වන පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, ඔහු ස්විට්සර්ලන්තය, ඉතාලිය සහ ප්‍රංශය යන යුරෝපීය රටවල හෝටල් සහ සුඛෝපභෝගී වාහන ඇතුළු විශාල දේපළ ප්‍රමාණයකට හිමිකම් කියන බවයි.

බාසික් අදාළ රටවල සංචාරය කරමින් මෙම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගොස් ඇති බවද සඳහන් වේ.

මීට අමතරව, ඩුබායි රාජ්‍යයේදී ඔහු විසින් භාවිත කළ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් පිළිබඳවද නිලධාරීන් තොරතුරු සොයාගෙන ඇත.

ලංකාව තුළ ඔහුට අයත් බවට හඳුනාගත් කොළඹ සාගර මාවතේ පිහිටි හෝටල් කිහිපයක්, බොරලැස්ගමුවේ නිවාස සහ ජංගම දුරකථන වෙළෙඳසැල් සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

ඔහුගේ නීතිවිරෝධී වත්කම් සහ මූල්‍ය ගනුදෙනු පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මත අදාළ බැංකු ගිණුම් පිළිබඳව විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka