විවාහ පොරොන්දුවෙන් අපයෝජන කළ අක්කරෙයිපත්තුවේ හිටපු නගරාධිපතිව පොලිස් පරීක්ෂක දයානි ගමගේ විසින් අත්අඩංගුවට ගනී!
රාජ්‍ය නිලධාරිනියකට විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ලිංගික අතවර කිරීම සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සකී අතාවුල්ලා සැප්තැම්බර් 1 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ කාන්තාව මෑතකදී ෆේස්බුක් සජීවී විකාශනයක් හරහා යුක්තිය ඉල්ලා සිටීමෙන් සහ අම්පාර ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව, ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී අම්පාර කොට්ඨාශ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දයානි ගමගේ මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර දිස්ත්‍රික් කාන්තා හා ළමා ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මේ පුවත තව අයට බලන්න
විවාහ පොරොන්දුවෙන් අපයෝජන කළ අක්කරෙයිපත්තුවේ හිටපු නගරාධිපතිව පොලිස් පරීක්ෂක දයානි ගමගේ විසින් අත්අඩංගුවට ගනී!
2026-08-21T06:52:00+05:30
Gossip Lanka Hot News





