gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිට යැවූ ලිපියට ලැබුන කියල පිළිතුරක්වත් නැතැයි මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්!

විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහනාහිමිවරු තම මතය ජනාධිපතිතුමන් හට ලිඛිතව දැනුම්දුන්නද, අදාළ ලිපිය සම්බන්ධයෙන් මේ දක්වාම කිසිදු පිළිතුරක් නොලැබීම කණගාටුදායක තත්ත්වයක් බව මල්වතු මහවිහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පවසති. 

උන්වහන්සේ මේ බව පවසා ඇත්තේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (12) මහනුවර පැමිණ මල්වතු මහනාහිමියන් හමුවූ අවස්ථාවේදීය. 

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බවත්, එලෙසම එම දැනුම්දීම ලද බවට නාහිමිවරු වෙත පිළිතුරු යොමු කිරීම පිළිවෙතක් ද ඇතැයි  මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
“මහනායක හිමිවරුන් ජනාධිපතිතුමන් හට හෝ රාජ්‍ය පාලකයෝ හට ලිපියක් යැව්වොත් වෙනදට ඒ ලිපිය ලද බවට පිළිතුරක් එවනවා. මේ විනිසුරු තුමන්ලාගේ විශ්‍රාම වයස ගැටලුව සම්බන්ධයෙන් තෛනිකායික මහනාහිමිවරුන්ගේ මතය සඳහන් කරලා යවපු ලිපියට මේ දක්වා පිළිතුරක් නැහැ. අඩුම වශයෙන් ඒ ලිපිය ලැබුණාද කියලවත් අපට දැනුවත් කරලා නෑ. රටේ යම් ගැටලුවක් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය රාජ්‍ය පාලකයෝ හට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරීම රජ දවසේ සිට සිදු වූ දෙයක්. අවවාද අනුශාසනා ලබාදීම අප සාමාන්‍යයෙන් සිදු කරනා දෙයක්. නමුත් දැන් සිදුවන දේවල් අපටත් ප්‍රශ්නයක්. මහ නාහිමිවරුන්ගෙන් ජනාධිපතිතුමන් හට ලිපියක් නොලද බව ඇතැම් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ පවා පවසන අයුරු අපි දැක්කා”      

“කිසි කෙනෙක් මේ දක්වා කිසිදු අවස්ථාවක කිසිදු වැදගත් විෂයකට රටට ගැලපෙන ස්ථිර ප්‍රතිපත්තියක් හදන්නේ නෑ. යම් යම් විෂය කරුණු පිළිබඳ ප්‍රතිපත්ති හැදුවම ඊළඟට එන ආණ්ඩුව ඒවා අහෝසි කරනවා. ඕක තමයි තත්ත්වය. රට හැමදාමත් එක තැන තමයි. කිසිදු විෂයක් සම්බන්ධයෙන් රටට ගැලපෙන ස්ථීර ප්‍රතිපත්ති නෑ. එන අය හදන්නෙත් නෑ. තමන්ට අවශ්‍ය විදියට තමන්ට වාසි සැලසෙන විදියට තමයි වැඩ කරන්නේ. මේ කිසි කෙනෙක් විපක්ෂයේ ඉන්නකොට කියන දේවල් බලයට ආවට පසුව කරන්නේ නෑ. අමතක වෙනවා.    

අද මේ රටේ අධ්‍යාපනය ගැන බැලුවොත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉස්සර නම් උසස් පෙළ, සාමාන්‍ය පෙළ විතරයි උපකාරක පන්ති තිබුණේ. දැන් එක වසරේ ඉඳලා උපකාරක පන්ති. පඳුරක් පඳුරක් ගානේ උපකාරක පන්ති. ඒ වගේම හැම තැනම විවිධ විශ්වවිද්‍යාල. ඉස්සර තිබුණේ රජයේ ඒවා විතරයි. රට ලෝකය වෙනස් වෙනකොට ඉදිරියට යන්න ඕනේ තමයි. නමුත් රටේ සභ්‍යත්වය සදාචාරය සංස්කෘතිය විනාශ කරගෙන යන්න හොඳ නෑ. මේ අධ්‍යාපන ක්‍රමයන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් අවශ්‍යයි. අද රජයේ පාසල්වල ඉහළ පන්තිවලට උගන්වනවද නැද්ද කියන්නවත් අපි දන්නේ නෑ. පෞද්ගලික උපකාර පන්තිවල තමයි දරුවෝ ඉන්නේ. මේවට නියාමනයක් නෑ. ඒ පාසල්වල උගන්වන ගුරුවරුන් ඇතැම් විට පුද්ගලික උපකාරක පන්තිවල උගන්වනවා ඕක තමයි තත්ත්වය. කාලයක් තිස්සේ අධ්‍යාපන ක්‍රමයේ අවුලක් තියෙනවා. අද ළමයි දහම් පාසල් යන්නේ නෑ. ඉරිදාටත් පෞද්ගලික උපකාරක පන්ති තියෙන නිසා. අපි මොන තරම් කාලයක් තිස්සේ වගකිව යුත්තන්ට මේ පිළිබඳව දැනුවත් කරලා තිබෙනවාද. ඉරිදාට උපකාරක පන්ති අවශ්‍ය නෑ කියලා. එහෙම නැත්නම් උදේ වරුවේ අවශ්‍ය නෑ කියලා. කිසිම රජයක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කලේ නෑ. නව ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපන අවශ්‍යයයි. නමුත් රටකට රටේ ඉදිරි පරපුරට සාරධර්ම, සදාචාරය, සංස්කෘතිය, අපේ උරුමය වගේම සිරිත් විරිත් ගැන දැනුමක් ලබා දෙන්න ඕනේ.           

ඒ වගේම තමයි අද වෙ‍ෙළඳපලේ තිබෙන බහුතරයක් අටපිරිකර කිසිම ප්‍රමිතියකින් නෑ. මේ ගැන අපි අදාළ වගකිවයුතු අයට කොතෙක් සඳහන් කළත් කිසිම වැඩක් වුනේ නෑ. අපට පේන විදියට බහුතරයක් අනවශ්‍ය දේවල් පිළිබඳ විතරයි අවධානය යොමු වෙන්නේ. අද බොහෝ තැන්වල ප්‍රශ්න උද්ඝෝෂණ, රටේ ගොවි ජනතාව බරපතළ ආකාරයේ ගැටළුවලට මුහුණ පාලා ඉන්නවා, ඒ අය එක්ක කතා කළොත් රටේ ඇත්ත තත්ත්වය දැනගන්න පුළුවන්”

මෙම අවස්ථාවට සහභාගී වූ ජ්‍යාත්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂන සුබවික්‍රම මහතා කියා සිටියේ, ලෝකයේ බොහෝ රටවල විනිසුරු තුමන්ලාගේ කාලය වයස අවුරුදු 60 වඩා දීර්ඝ වන බැවින් පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාවේද එම කාලය දීර්ඝ කිරීමේ ගැටලුවක් නොමැති බවය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka