gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම්!

විනිසුරුවරුන්ගේ ධුර කාලය සහ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අවශ්‍ය වුවහොත් ජනමත විචාරණයකට මුහුණ දීමට රජය පූර්ණ සූදානමකින් පසුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණි විජේසිංහ මහත්මිය පවසයි.

ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ, 2022 වසරේ ලබාදුන් අධිකරණ තීන්දුවක් පදනම් කරගනිමින් විපක්ෂය විවිධ මත පළ කළද, ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම තීරණ නැවත සමාලෝචනය කිරීමේ හැකියාව පවතින බවයි.

රජය මෙම සංශෝධන ඉදිරිපත් කරන්නේ නිසි නීතිමය තර්කයන් මත පදනම්ව බවත්, ඒ සඳහා අධිකරණය ලබාදෙන ඕනෑම තීන්දුවකට ගරු කිරීමට රජය බැඳී සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.

"අධිකරණය විසින් මෙම සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු කළහොත්, ඊට මුහුණ දීමට අප කිසිසේත්ම පසුබට වන්නේ නැහැ. අපට පැහැදිලි මහජන වරමක් සහ බලයක් තිබෙනවා. ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුව සමඟයි," යනුවෙන් ද විජේසිංහ මහත්මිය අවධාරණය කළාය.

විපක්ෂයේ ක්‍රියාකලාපය විවේචනය කළ මන්ත්‍රීවරිය, විපක්ෂයේ ඇතැම් නායකයන්ට අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවීම නිසා ඔවුන්ගේ දේශපාලන පදනම දෙදරා ගොස් ඇති බවත්, ඔවුන් කට ඇරියහොත් ඡන්ද දහස් ගණනින් අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බවත් පැවසුවාය.

ජාත්‍යන්තර දර්ශකයන්ට අනුව ජනාධිපතිවරයා සහ වත්මන් රජය කෙරෙහි පවතින මහජන ආකර්ෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින්, ඕනෑම මැතිවරණයකට හෝ ජනමත විචාරණයකට රජය බිය නොවන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka