gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හවසට ඇතුලටද? ගෙදරටද? - රවි අල්ලස් කොමිසමට එයි... පෙරදා දුවගේ වෙඩිමලු

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

ඒ, ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයන් පිරිසක් දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් රජයට පාඩු සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු, ව්‍යාපෘති කටයුතුවලින් බැහැරව දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම තුළින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකර ඇති බවට මන්ත්‍රීවරයාට එරෙහිව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට පෙර අවස්ථාවකදී ද රවී කරුණානායක මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණද, ඔහු එදින පැමිණ නොසිටියේය.

ඒ හේතුවෙන් පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයාගේ නිවසට පවා ගොස් තිබූ අතර, එම අවස්ථාවේදී ඔහු නිවසේ රැඳී සිට නැත.

කෙසේ වෙතත්, සිය දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් ප්‍රකාශය ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව අද දිනය වෙන් කර තිබුණි.

ඒ අනුව, ලබාදුන් පෙර දැනුම්දීමට අනුව මන්ත්‍රීවරයා අද දින කොමිසම හමුවේ පෙනී සිටිමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka