gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“බන්ධනාගාරවල කලබල ඇති කිරීමට කූඨ පිරිස් උත්සාහ කරනවා-අහුවෙන්න එපා” - අධිකරණ ඇමති රැඳවියන්ගෙන් ඉල්ලයි

කූඨ අරමුණු ඇති පුද්ගලයන් බන්ධනාගාර රැඳවියන් මෙහෙයවමින් කලබල ඇති කිරීමට උත්සාහ කරන බවත්, එවැනි සුළු පිරිසකගේ අවශ්‍යතාවලට හසු නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර බන්ධනාගාර රැඳවියන්ගෙන් ඉල්ලා සිටියි.

බන්ධනාගාර කිහිපයක පසුගියදා ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රැඳවියන්ගේ ප්‍රධානතම ගැටලුවක් වූ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා ඇප ලබාගැනීමට නොහැකි වීමේ තත්ත්වයට විසඳුම් ලබාදීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.

අමාත්‍යවරයාට අනුව රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු 118 න් 70 කට ආසන්න ප්‍රමාණයක් සඳහා දැනටමත් කාර්ය මණ්ඩල බඳවාගෙන ඇත.

එසේම වාර්තා නිකුත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය නව යන්ත්‍ර සූත්‍ර මෙම මාසය තුළ ගෙන ඒමට කටයුතු යොදා ඇත.

තවද ඉදිරියේදී මසකට රස පරීක්ෂක වාර්තා 7,500 ත් 9,000 ත් අතර සංඛ්‍යාවක් නිකුත්කිරීමට නියමිතය.

ඊට අමතරව, මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 10 කට වැඩි වැරදි සම්බන්ධයෙන් ඇප ලබාගැනීමට අභියාචනාධිකරණයට යාමට සිදුවීම නිසා සිදුවන ප්‍රමාදය වැළැක්වීමට ද පියවර ගෙන ඇත. ඒ අනුව, මහාධිකරණයෙන් ඇප ලබාගැනීමට හැකි වන පරිදි නීති සංශෝධනය කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කිරීමටත්, රැඳවියන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීමටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයාගේ වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි;

“සුළු පිරිසකගේ කූඨ අරමුණු වෙනුවෙන් රැඳවියන් මෙහෙයවීමට ඉඩ දෙන්න එපා. රජය ලබාදෙන සම්පත් හා පහසුකම් විනාශ කර ගත්තොත් ඉන් අවසානයේ අලාභය සිදුවන්නේ රැඳවියන් වන ඔබටමයි. රජය මේ වන විටත් රසපරීක්ෂක වාර්තා කඩිනම් කිරීමටත්, නීති සංශෝධනය කර ඇප ලබාගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීමටත් කටයුතු කරමින් සිටින බැවින් රජයට සහාය දක්වන ලෙස ඉල්ලා සිටිනවා.”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka