gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෞදි අරාබියට දරුණු ප‍්‍රහාර... මැදපෙරදිග යලි අවිලේ!

ඉරානයේ සහාය ලබන යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ දකුණුදිග නජ්රාන් ප්‍රදේශයේ පිහිටි ගුවන් තොටුපළකට සහ රජයට අයත් ‘ඇරම්කෝ’ තෙල් සමාගමට අයත් මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බව AFP පුවත් සේවය වාර්තා කරයි.

යේමන දේශසීමාවට ආසන්නව පිහිටි මෙම ඉලක්ක වෙත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සාර්ථක හමුදා මෙහෙයුම් දෙකක් දියත් කළ බව හූති හමුදා ප්‍රකාශක තහවුරු කර තිබේ.

නජ්රාන් ගුවන් තොටුපළේ පිහිටි සංවේදී ස්ථානයක් සහ ඇරම්කෝ තෙල් පහසුකම් පද්ධතිය මෙම ප්‍රහාරයන්හි ප්‍රධාන ඉලක්ක වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රහාර මාලාව දියත් වීමට පෙර, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් සෞදි අරාබිය වෙත අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ හූති කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදියට නොහැකි වනු ඇති බවයි.

දශකයකට වැඩි කාලයක් සිවිල් යුද්ධයකින් පීඩා විඳින යේමනය තුළ 2022 වසරේදී ඇති කරගත් සටන් විරාමය පසුගිය ජූලි මාසයේදී බිඳ වැටීමත් සමඟ කලාපීය නොසන්සුන්තාව යළි උත්සන්න විය.

සෞදි රජයේ සහාය ලබන යේමන පාලනයට එරෙහිව හූති කැරලිකරුවන් සිය ප්‍රහාර දැඩි කර ඇති අතර, සෞදි අරාබිය වෙත මුහුදු අවහිරතා පැනවීමට ද ඔවුන් පියවර ගෙන තිබේ.

මේ අතර, ලෝකයේ ප්‍රධානතම නාවික ගමන් මාර්ගයක් වන ‘බාබ් අල්-මන්දාබ්’ සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි ප්‍රදේශ අත්පත් කර ගැනීමට හූති කැරලිකරුවන් සැලසුම් කරමින් සිටින බව යේමන රජයේ අමාත්‍යවරයෙකු ඒ.එෆ්.පී. පුවත් සේවය වෙත අනාවරණය කර ඇත.

කැරලිකරුවන් දැනට ඔවුන් යටතේ පවතින ප්‍රදේශවල සිට දකුණු දෙසට ව්‍යාප්ත වීමට උත්සාහ කරන බවත්, එමගින් ජාත්‍යන්තර නාවික ගමනාගමනයට දැඩි තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බවත් හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගිය මාසයේදී ඉරාන ගුවන් යානයක් යේමනයේ සනා අගනුවරට පැමිණීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුම් යළි ඇවිළී ගිය අතර, එතැන් සිට සෞදි අරාබියේ නෞකා, ගුවන් තොටුපළවල් සහ තෙල් පිරිපහදු ඉලක්ක කර ගනිමින් හූති කැරලිකරුවන් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටියි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka