gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

භාණ්ඩාගාර කොල්ලයට භාණ්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති වගකිව යුතු යයි COPF වාර්තාවෙන් හෙලිවෙලා..

ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේදී සිදුවූ සයිබර් අපරාධය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වගකීම දැරිය යුතු බව මුදල් කාරක සභා වාර්තාව මගින් නිගමනය කර ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය කළමනාකරණ පද්ධති ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ දරුණුතම ආරක්ෂක බිඳවැටීම බවත්, මෙය මහා පරිමාණ වංචාවක් බව තමන් සහතික කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

මුදල් කාරක සභාවේ අවසන් නිගමන මගින් මේ සඳහා ප්‍රබල සාක්ෂි සපයා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වයම එකඟතාවයෙන් යුතුව මෙම වාර්තාවේ නිගමනවලට අත්සන් තබා ඇති බැවින්, රජය ද මෙම වගකීම පිළිගත යුතු බව හෂීම් මහතා සඳහන් කළේය.

"කවුරුන් හෝ මෙම වංචාව මෙහෙයවා ඇති බව පැහැදිලියි. ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධියට අදාළව කනිෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කිරීම පිළිබඳව ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වගකීම දැරිය යුතු බව වාර්තාවේ සඳහන්ව තිබියදී, ඔවුන් ඉවත් නොකර කනිෂ්ඨ නිලධාරීන් පමණක් දඬුවමට ලක් කළේ කුමන පදනමකින් ද යන්න ඔහු විමසා සිටියේය.

එසේම, මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරියෙකු දිවි නසා ගැනීම ඉතා බරපතළ තත්ත්වයක් බවත්, ඒ පිළිබඳව රජය වගකිව යුතු බවත් කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka