සැප්තැම්බරයේ සිට රථවාහන දඩ ගෙවීම ඔන්ලයින් විතරයි
මෙම සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්ම කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී සඳහන් කෙරිණි.
රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා ඉහළ නංවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන විසින් මේ වන විට ක්‍රියාවට නංවනු ලැබ තිබෙන ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය, දත්ත ආරක්ෂණ අධිකාරිය, ගව් ටෙක් ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් ආයතනය, කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ සමාගම ඇතුළු ආයතන යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය සහ රූපවාහිනි වැඩසටහන් ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් විමසා බැලිණි.
ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අගදී නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය ජනාධිපතිවරයා විමසා බැලූ අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙන බවත්, පළමු ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අගදී නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ.
සැප්තැම්බරයේ සිට රථවාහන දඩ ගෙවීම ඔන්ලයින් විතරයි
2026-08-19T23:10:00+05:30
Gossip Lanka Hot News








