gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාවට හෙළි නොකළ ඉන්දු – ලංකා ආරක්ෂක ගිවිසුම කඩිනම් කිරීමට ඉන්දීය අරක්ෂක ඇමති ලංකාවට

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ අත්සන් කළ ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුම සම්පූර්ණයෙන් හා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ සාකච්ඡාවකට ලබන මාසයේ පළමු සතියේ දී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දින දෙකක ශ්‍රී ලංකා සංචාරය අතරතුර රාජ්නාත් සිං මහතා ආරක්ෂක අමාත්‍ය ධුරයද දරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා හමුවීමට නියමිතය.

ඔහු ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟද සාකච්ඡා කරනු ඇතැයි පැවසේ.

මේ මාසය ආරම්භයේදී ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

ආරක්ෂක සහයෝගිතා ගිවිසුම යටතේ ඒකාබද්ධ හමුදා අභ්‍යාස වැඩිදියුණු කිරීම, විවිධ ක්ෂේත්‍රවල ධාරිතා සංවර්ධනය, මානුෂීය ආධාර හා ආපදා සහන කටයුතු පිළිබඳ සහයෝගිතාව, දෙරටේ නාවික හමුදා යාත්‍රාවල වරාය සංචාර වැඩි කිරීම සහ ආරක්ෂක කර්මාන්ත සහයෝගිතා පිළිබඳ අවස්ථා සොයා බැලීම ඇතුළු කරුණු ආවරණය වන බව වාර්තා වේ.

මෙම ගිවිසුම වසර පහක කාලයක් සඳහා බලපැවැත්වෙන අතර, මාස තුනක පූර්ව දැනුම්දීමක් මත එය අවසන් කිරීමට හෝ තවත් වසර තුනකට දීර්ඝ කිරීමට දෙපාර්ශ්වයටම හැකියාව ඇත.

කෙසේවෙතත්, මෙම ආරක්ෂක අවබෝධතා ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය මෙතෙක් ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව විසින් ප්‍රසිද්ධියට පත් කර නොමැත.

මෙම ගිවිසුම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය වසරේ අප්‍රේල් 5 දා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී දෙරට අතර හුවමාරු වූ ද්විපාර්ශ්වික ලේඛන හතෙන් එකකි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka