gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විනිසුරු වයස් නැංවීමට රදගුරු සම්මේලනයත් එරෙහි වෙයි.. විධිමත් සාකච්ඡාවක් නැතිව කඩිමුඩියේ සංශෝධන එපා යැයි නිවේදනයක්…!

විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි.

විනිසුරුවරුන්ගේ දැනට පවතින නීතිමය විශ්‍රාම වයස ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කතෝලික රදගුරු සම්මේලනය මේ බව සඳහන් කරයි.

අධිකරණ සංඛ්‍යාව ඉහළ යාම සහ අභියාචනාධිකරණයේ ප්‍රාදේශීය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බැවින් පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තව දුරටත් ලබාගැනීමේ අවශ්‍යතාව මත 2026 ජුලි 27 වැනිදා අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ මූලධර්මය සෑම අවස්ථාවකදීම ආරක්ෂා කළ යුතු බව කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.

ස්වාධීන හා අපක්ෂපාතී අධිකරණයක් යුක්තිය සහතික කිරීම, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මානව ගරුත්වය තහවුරු කිරීම සහ පුරවැසියන්ගේ පොදු යහපත සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද එම සම්මේලනය අවධාරණය කර ඇත.

ඒ අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම් එය අධිකරණයේ ස්වාධීනත්වය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදුකළ යුතු බවද එමගින් පෙන්වා දෙයි.

පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගැනීම, අධිකරණ නිලධාරීන්ගේ හිඟයට විසඳුම් ලබාදීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කිරීම එවැනි සංශෝධනයක ප්‍රධාන අරමුණු විය යුතු බවද කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.

මෙම නිවේදනය ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා සහ මහ ලේකම් ආචාර්ය පී. ඇන්ටන් රංජිත් විසින් නිකුත් කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka